සංකේත් රේ

සභාපති කොකා-කෝලා ඉන්දියාව සහ නිරිත දිග ආසියාව

සංකේත් රේ කොකා-කෝලා සමාගමේ ඉන්දියාව සහ නිරිත දිග ආසියාව නියෝජනය කරන සභාපතිවරයායි. 2004 දී සමාගමට එක්වූ මොහු 2020 දී එම තනතුරට පත් කරන ලදී. ඔහුගේ වර්තමාන භූමිකාවට පෙර, රේ සමාගමේ චීනය නියෝජනය කරන ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා ලෙස සේවය කළේය. ඔහු 2016 සිට 2018 දක්වා වියට්නාම කොකා-කෝලා සමාගමෙහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළේය. සමාගමට අයත් බෝතල් ඇසුරුම් සමාගම ඔහුගේ මඟපෙන්වීම යටතේ ඉහළ පෙළේ ආයතනයක් දක්වා උසස් කරන ලද අතර එය වේගවත් වර්ධන ගමන් පථයකට යොමු කරන ලදී.

රේ 2004 දී ප්‍රාදේශීය සැපයුම් සහ සැලසුම් කළමණාකරු (නැගෙනහිර) ලෙස සමාගමට සම්බන්ධ විය. පසුව ඔහු ඉන්දියාවේ මෙහෙයුම් සහ ව්‍යාපාරික තනතුරු ගණනාවක සේවය කළ අතර එය අවසානයේ දී ඔහු 2014 දී දකුණු ආසියාවේ කලාපීය වාණිජ ප්‍රධානියා ලෙස පත් කිරීමට හේතු විය.

කොකා-කෝලා ආයතනයට සම්බන්ධ වීමට පෙර රේ, ලෆාජ්හි ජ්‍යෙෂ්ඨ කළමනාකරුවෙකු ලෙස සේවය කළේය.

ඔහු මවුලානා අසාද් ජාතික තාක්ෂණ ආයතනයෙන් ඉංජිනේරු උපාධියක් සහ සේවියර්(Xavier) කළමනාකරණ ආයතනයෙන් අලෙවිකරණය සහ විකුණුම් පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ලබා ඇත.

ඔහු තනිවම සංචාරය කිරීමට කැමති අතර ඔහු සතුව පැරණි සංගීත තැටි (සුවිශේෂී එකතුවක්) ඇත. ඔහු ඉතිහාසය සහ සංස්කෘතිය පිළිබඳ පොත්පත් කියවීමට ද ප්‍රිය කරයි.