අර්නාබ් රෝයි

අලෙවිකරණ උප සභාපති, කොකා-කෝලා ඉන්දියාව සහ නිරිතදිග ආසියාව

වසර 20කට වැඩි කාලයක් කොකා-කෝලා සමාගම සමඟ සේවය කරන අර්නාබ් සතුව පුළුල් ව්‍යාපාරික දැක්මකින් යුත් සන්නාම නිර්මාණකරණ අත්දැකීම් ඇත. ඔහු තම ගෝලීය සහ කලාපීය භූමිකාවන් තුළ සිටිමින් විවිධ භූගෝලීය කලාප සහ සංස්කෘතීන් ඔස්සේ කණ්ඩායම් ගොඩනැගීම හා අලෙවිකරුවන් මෙහෙයවීම සිදු කොට ඇත. අර්නාබ් සිය වර්තමාන භූමිකාව තුළ (ගෝලීය මෙහෙයුම් ඒකක නවයෙන් එකක් වන) ඉන්දියා සහ නිරිතදිග ආසියානු මෙහෙයුම් ඒකකය සඳහා අලුතින් සැලසුම් කරන ලද අලෙවිකරණ කාර්යයන් මෙහෙයවයි. ඔහු මානව ප්‍රතිවේද, ඒකාබද්ධ අලෙවිකරණ අත්දැකීම්, ඩිජිටල් අලෙවිකරණය, කලාපීය අලෙවිකරණය සහ අලෙවිකරණ මෙහෙයුම් යන කාණ්ඩ පහකින් යුත් කණ්ඩායමකට නායකත්වය ලබා දෙයි.

කොකා-කෝලා™, ගෝලීය සන්නාම ප්‍රධානියා ලෙස අර්නාබ් කොකා-කෝලා™ සමාගම සඳහා දිගුකාලීන වර්ධන උපාය මාර්ග පිළිබඳව කටයුතු කළ අතර ලතින් ඇමරිකාව, යුරෝපය සහ ඕස්ට්‍රේලියාව යනාදියෙහි සීරෝ /සීනි රහිත කොකා-කෝලා ව්‍යාප්ත කිරීමට වේගවත් වර්ධන සැලැස්මක් සංවර්ධනය කිරීමට නායකත්වය දුන්නේය. ASEAN ව්‍යාපාර ඒකකයේ Sparkling Beveragesහි ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරයා ලෙස, ආර්නාබ් පිලිපීනය, තායිලන්තය සහ ඉන්දුනීසියාව ඇතුළු රටවල් 12කට වඩා වැඩි ගණනක බිලියන 3ක් වටිනා Sparkling Beverage ව්‍යාපාරයක් අධීක්ෂණය කළේය.
බ්‍රසීලයේ 2014 FIFA ලෝක කුසලානය සඳහා වන ගෝලීය අලෙවිකරණ වැඩසටහනට Arnab නායකත්වය දුන්නේය. මෙය සමාගමේ රටවල් 185කට වඩා වැඩි ගණනක පැවැත්වූ,විශාලතම ඒකාබද්ධ වැඩසටහන්වලින් එකක් වේ.  2001 සිට 2011 දක්වා ඉන්දියාවේ වසර 10ක් පුරාවට, අර්නාබ් අලෙවිකරණය, විකුණුම් සහ නවෝත්පාදන යන ක්ෂේත්‍රවල විවිධ ක්‍රියාකාරකම් සිදු කළේය. ඔහු නායකත්වය දුන් සමහර ප්‍රධාන ව්‍යාපෘති අතරට ඉන්දියාවේ Minute Maid Juices දියත් කිරීම, PET දියත් කිරීම් සමඟ Maaza සන්නාමය පුළුල් කිරීම සහ ඉන්දියාවේ ප්‍රථම රියැලිටි රූපවාහිනී වැඩසටහන වන Coke V Popstars සක්‍රීය කිරීම ඇතුළත් විය.
Arnab ක්‍රීඩාවන් ගැන දැඩි උනන්දුවක් දක්වන අතර ඉන්දියාවේ ක්‍රීඩාව හරහා සංවර්ධන වැඩසටහන් කිහිපයකට පුද්ගලිකව සහභාගී වී ඇත. 2017 දී, U17 FIFA ලෝක කුසලානය ඉන්දියාවට ගෙන ඒම සඳහා  FIFA සහ සමස්ත ඉන්දීය පාපන්දු සම්මේලනය සමඟ එක්ව කටයුතු කළේය.
අර්නාබ් අහමදාබාද්හි දී  2001 දී  ඔහුගේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සම්පූර් ණ කළ Indian Institute of Management හි පුහුණු වන කලමනාකරණ අභ්‍යාසලාභියෙකු ලෙස කොකා-කෝලා සමාගමට සම්බන්ධ විය අර් නාබ් 2017 හි හාවඩ් ව්‍යාපාරික පාසලෙන්  ඔහුගේ විධායක ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සම්පූර්ණ කළේය.