රීටිමා රක්යන්

උප සභාපති, ඉන්දියාව සහ නිරිත දිග ආසියාව බලයලත් මෙහෙයුම් - SWA කොකාකෝලා

රීටිමා රක්යන් යනු කොකා කෝලා සමාගමේ නිරිතදිග ආසියාවේ (SWA) උප සභාපතිනියයි ඇයගේ වර්තමාන භූමිකාව තුළ, ඇය බංග්ලාදේශය, නේපාලය, ශ්‍රී ලංකාව, මාලදිවයින සහ භූතානය ඇතුළු නිරිතදිග ආසියානු රටවල් සඳහා බලයලත් මෙහෙයුම් භාරව සිටියි. ඇය 2013 සිට සමාගම සමඟ සම්බන්ධ වී ඇත. රීටිමා මීට වසර අටකට පෙර කොකා-කෝලා සමාගමේ සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේ කලාපීය අලෙවිකරණ කළමනාකරුවෙකු ලෙස වන අතර, එහිදී ඇය කොකා-කෝලා ඉන්දියාව සහ ඉන්දියාවේ දකුණු සහ මධ්‍යම ප්‍රදේශ සඳහා සමාගමට අයත් බෝතල් සමාගම අතර අත්‍යවශ්‍ය සම්බන්ධකය ලෙස සේවය කිරීමට කණ්ඩායම් මෙහෙයවීය

කොකා-කෝලා ඉන්දියා ව්‍යාපාර ඒකකය සමඟ ගත කළ වසර හතක කාලය තුළ ඇයට අවස්ථා සහ අත්දැකීම් රැසක් හිමි විය. දකුණු සහ බටහිර ඉන්දියාවේ විශාල වෙළඳපලට සහාය දක්වන කලාපීය අලෙවි කළමනාකරුවෙකු ලෙස සිය වෘත්තිය ආරම්භ ‌කොට ජාතික පාරිභෝගික ව්‍යාපාරය මෙහෙයවමින් සමාගම සඳහා පුර්ව ලියාපදිංචි තක්සේරු ව්‍යාපාර ආකෘතියේ ප්‍රධානියා ලෙසද කටයුතු කරයි.

ඇය ඉන්දියාවෙන් ඇට්ලන්ටා හි කාන්තා නායකත්ව වැඩසටහන සඳහා නම් කරන ලදී. මීට අමතරව, ඇය APAC කුසලතා වැඩසටහනට සහභාගී වූ අතර, INSWA විවිධත්ව සහ අන්තර්ග්‍රහණීය කවුන්සිලයේ සාමාජිකාවක් බවට පත්වූ අතර, APAC විවිධත්ව ආශ්‍රිත උපදේශන වැඩසටහනට ද සහභාගී, BIGහි ඇගේ සම වයසේ මිතුරන් සමඟ Bottling Business School වැඩසටහන සඳහා ද ඇය නම් කරන ලදී. Business Unit President Award for Above & Beyond People Manager සම්මානය ඇය විසින් දිනා ගන්නා ලදී.

2018 දී ආරම්භ වූ ඇගේ නායකත්ව ගමන ඔස්සේ නම්‍යශීලී සහ විස්තීර්ණ ව්‍යාපාරික ආකෘතියක් ගොඩනැගීම කෙරෙහි අවධානය යොමු විය. ඒ හරහා ඉන්දියානු වෙළෙඳපොළේ අඩු පහසුකම් සහිත ජනගහනයේ අවශ්‍යතාවලට ගැලපෙන ආර්ථිකමය පරාසයක පාන වර්ග නිර්මාණය කිරීමයි. මීට පාන වර්ග, වැඩිදියුණු කළ සජලන විකල්ප සහ කිරි නිෂ්පාදන අයත් විය. රට පුරා නිෂ්පාදකයින් සහ බෙදාහැරීමේ හවුල්කරුවන්ගේ ජාලයක් ස්ථාපිත කිරීම සම්බන්ධ වූ Go-To-Market උපායමාර්ගය සංවර්ධනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා ඇය වගකිව යුතු විය. මීට අමතරව, ඇය ප්‍රධාන වෙළඳපල තුළ පාරිභෝගික ස්පර්ශක ස්ථාන නිර්මාණය කිරීම, සන්නාම පිළිබඳ දැනුවත් කිරීම සහ මාධ්‍ය ආයෝජන සහ භූමියේ සක්‍රීය කිරීම් හරහා නිෂ්පාදන අත්හදා බැලීම් දිරිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කළාය.

පසුව ඇය 2015දී කොකා-කෝලා ඉන්දියානු සමාගමේ ජාතික ප්‍රධාන ගිණුම් අධ්‍යක්ෂවරිය ලෙස වැඩ භාරගත් අතර එහිදී ඇය ගනුදෙනුකරුවන් සමඟ ආයතනයේ ආදායම, කොටස් සහ ලාභ සංවර්ධනය තවදුරටත් වැඩි කළාය. සමාගම සඳහා වූ ඇයගේ කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස විකල්ප ආදායම් නාලිකාවේ අධ්‍යක්ෂක හා පාරිභෝගික සහ විකල්ප ආදායම් මාර්ග උප සභාපති තනතුරු දක්වා ඉදිරියට යාමට ඇයට හැකි වූ අතර අභ්‍යන්තර සහ බාහිර පාර්ශවකරුවන් සමඟ එක්ව විකල්ප ආදායම් මාර්ග සඳහා මාර්ග සිතියමක් සැකසීමේ දී ප්‍රධාන කාර්යභාරයක් ඇය ඉටු කළාය.

රීටිමාට CPG/FMCG, බැංකු සහ සිල්ලර කර්මාන්තවල සේවය කර වසර 18කට වැඩි පළපුරුද්දක් ඇත. හවුල් කළමනාකරණය, නාලිකා අලෙවිකරණය සහ පුද්ගල සංවර්ධනය වැනි ක්ෂේත්‍රවල ඇයට බහුලව අත්දැකීම් ඇත. රීටිමා කොකා-කෝලා කණ්ඩායමට සම්බන්ධ වීමට පෙර Marico, Citibank සහ Pidilite වැනි පිළිගත් ව්‍යාපාරවල තනතුරු දැරීය.

ඇය Symbiosis Institute of International Business වෙතින් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ගෙන ඇති අතර Symbiosis Commerce විද්‍යාලයෙන් උපාධියක් ලබා ඇත.

ඇගේ විනෝදාංශ අතරට සංචාරය කිරීම, පිහිනීම, නූූූ සැකසීම, බයිසිකල් පැදීම සහ Sky diving, Scuba diving, jet skiing, snowmobiling වැනි ත්‍රාසජනක ක්‍රීඩාද ඇතුළත් වේ.