පද්මාල් සමරප්පෙරුම

උප සභාපති - උපාය මාර් ග සහ ව්‍යාපාර සැලසුම් කොකා-කෝලා ඉන්දියාව සහ නිරිතදිග ආසියාව

පද්මාල් සමරප්පෙරුම කොකා-කෝලා ඉන්දියාවේ සහ නිරිතදිග ආසියාවේ උපාය මාර්ග සහ ව්‍යාපාර සැලසුම් ප්‍රධානියා වේ. ඔහුගේ වර්තමාන භූමිකාව තුළ, සමාගමේ වර්ධනය සහ පැවැත්ම සඳහා ආයතනික උපාය මාර්ගික මුලපිරීම් සැලසුම් කිරීම, සන්නිවේදනය කිරීම, ක්‍රියාත්මක කිරීම සහ තිරසාර කිරීම සඳහා පද්මාල් වගකීම් දරයි. මූල්‍ය, විගණනය සහ ප්‍රසම්පාදනය ඇතුළු විවිධ ව්‍යාපාර කටයුතුවල පළපුරුද්දක් පද්මාල්ට ඇති නිසා ඉහළ කාර්ය සාධන ප්‍රමිතීන් ළඟා කර ගැනීමට සමාගමට සහාය වීමට අවශ්‍ය ව්‍යාපාරික දැනුම ඔහු සතුව ඇත.

පද්මාල්ට වසර 24ක පළපුරුද්දක් ඇති අතර, එයින් වසර 18කට වැඩි කාලයක් ඔහු කොකා-කෝලා සංවිධානයේ සේවය කර ඇත. ඔහු 2003 වසරේදී අපගේ බෝතල් කිරීමේ ශ්‍රී ලංකා සමාගමට සම්බන්ධ වූ අතර එහිදී ඔහු මූල්‍ය ක්ෂේත්‍රයේ විවිධ භූමිකාවන් දරමින් අවසානයේ මූල්‍ය පාලකවරයාගේ භූමිකාව ද ඉටු කළේය.

ඉන්පසුව 2008 දී පද්මාල් කාම්බෝජයට ගොස් එහි කොකා-කෝලා ප්‍රධාන මූල්‍ය නිලධාරී ලෙස වැඩ භාර ගත්තේය. ඔහු BIG Indochinaහි ප්‍රසම්පාදන අධ්‍යක්ෂක ලෙස සහ වියට්නාමයේ BIG ප්‍රධාන මූල්‍ය නිලධාරි ලෙස කටයුතු කීරීමට වසර 5ක කාලයක් සඳහා 2013 මැයි මාසයේදී වියට්නාමයට සංක්‍රමණය විය.

මෙම කාලය තුළ ඔහු මූල්‍ය හා ප්‍රසම්පාදන ක්ෂේත්‍රයේ බහුවිධ නායකත්ව තනතුරු දැරූ අතර වාණිජ හා භාණ්ඩාගාරය පිළිබඳ ඔහුගේ ගැඹුරු දැනුම හා පළපුරුද්ද වියට්නාමය, කාම්බෝජය සහ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් හරහා ලාභ සහ ආන්තික පරිවර්තනය මෙන්ම ව්‍යාපාර ව්‍යාප්තිය සඳහා ස්ථාවර ප්‍රතිඵල ලබා දීමට උපකාරී විය.

ඉන්දියාවට යාමට පෙර, ඔහු සිංගප්පූරුවේ බෝතල් ආයෝජන සමූහයේ (Bottling Investments Group) වසර 2කට අධික කාලයක් උපායමාර්ගික සහ ව්‍යාපාර සැලසුම් අධ්‍යක්ෂවරයා ලෙස ක්‍රිය කළ අතර එහිදී ඔහු නායකත්ව කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකයෙකු වශයෙන් ඇට්ලන්ටා සිට සිංගප්පූරුව දක්වා BIG ආයතන කාර්යාලය සංක්‍රමණය කිරීමට මූලික විය. ව්‍යාපාර සැලසුම් ක්‍රියාවලි පද්ධතිගත කිරීමේදී, ඉහළ ලාභාන්තිකය ඇතුළුව වර්ධනයන් සහ ප්‍රතිඵල ලබා ගැනීම සඳහා ඔහු තීරණාත්මක කාර්ය භාරයක් ඉටු කළේය.

පද්ධතියට සම්බන්ධ වීමට පෙර, පද්මාල් ආගන්තුක සත්කාර කළමනාකරණ කර්මාත්තය සහ මූල්‍ය සේවා සමඟ සම්බන්ධ වී සිටියේය.

ඔහු ශ්‍රී ලංකාවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ද, එක්සත් රාජධානියේ වරලත් අලෙවිකරණ ආයතනයෙන් අලෙවිකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ද ලබා ගෙන ඇත. ඔහු කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ වරලත් ආයතනයේ (CIMA-UK) සාමාජිකයෙකු වන අතර සහතික කළ කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ (CMA -Australia) සාමාජිකයෙකි.

පද්මාල්ට තරුණ පුතෙකු සිටින අතර ඔහු සමග විවේක කාලය ගත කිරීමට ඔහු ප්‍රිය කරයි. ඔහු ක්‍රීඩා ලෝලියෙකු වන අතර පාපන්දු, ක්‍රිකට්, රග්බි ක්‍රීඩාවට ප්‍රිය කරයි. ඔහු සංගීතයට හා සංචාර කිරීමට කැමතිය