නිෂි කුල්ශ්‍රේෂ්ථ චතුර්වේදි

ඉන්දියාවේ මානව සම්පත් සහ නිරිතදිග ආසියා මෙහෙයුම් ඒකකයේ උප සභාපතිනිය

නිෂි කුල්ශ්‍රේෂ්ථ චතුර්වේදි යනු ඉන්දියාව සහ නිරිත දිග ආසියාවේ INSWA මෙහෙයුම් ඒකකයේ මානව සම්පත් උප සභාපතිනියයි. ඇය මේ වසරේ පෙබරවාරි මාසයේදී සිය වැඩ කටයුතු ආරම්භ කළ අතර මෙම වසරේ මෙහෙයුම් ඒකකයට සමාත්තරව ව්‍යාපාරික ඒකකය ශක්තිමත් වූ බැවින් ඇය සාර්ථකව ඉදිරියට ගියාය.

ආක්රතී, අම්රිතා, ගීතිකා, කරන්, මොහිත්, නිහාරිකා, සේවියෝ, සවිජිත් සහ ශාලිනි අයත් වන සුවිශේෂී කණ්ඩායම සමග එකතුවී නිෂි සේවක කළමණාකරණයෙහි නිරත වේ සෑම දිනකම, කණ්ඩායම INSWA සේවක කළමනාකරණ දැක්ම වෙනුවෙන් ක්‍රියා කරයි. එම දැක්ම:

තිරසාර සහ වඩාත් හිතකර හවුල් අනාගතයක් සඳහා නායකයින් සහ නියෝජිතවරුන් ගොඩනගගමින් පුද්ගලයන්ට වඩා යහපත් පෞරුෂයක් නිර්මාණය කිරීමට උපකාර කිරීම.

2012 වර්ෂයේදී නිෂි කොකා-කෝලා සමාගමේ සේවයට එක්වෙමින් India BIG, Hindustan Coca‑Cola Beverages Pvt Ltd (HCCB)හි මානව සම්පත් අංශය හා සම්බන්ධ වූවාය; පසුව ඇය INSWA, මැද පෙරදිග සහ තුර්කිය ඇතුළු බහුවිධ KO කලාපවල මානව සහ සේවා ස්ථාන අයිතිවාසිකම් සම්බන්ධයෙන් මෙහෙයවීම් කටයුතු ඉටු කළාය. ඇය පුද්ගල උපායමාර්ග, කුසලතා වර්ධනය, උපදේශනය හා වෙනස්කම් කළමණාකරණය (change management) යනාදිය කෙරෙහි අවධානය යොමු කරමින් උපාය මාර්ගික මානව සම්පත් සහාය ලබා දුන්නාය. දේශීය උපාය මාර්ග සංවර්ධනය කිරීම, ක්‍රියාකාරී අවදානම් සිතියම්ගත කිරීම, සැපයුම්කරුවන්ගේ සහ බෝතල් ඇසුරුම් කරන්නන්ගේ හැකියාවන් වැඩි දියුණු කිරීම, ක්‍රියාවලීන් සරල කිරීම සහ පුරෝකථන අවබෝධය ලබා දීම යනාදිය වෙනුවෙන් ඇය පිළිගැනීමට ලක්ව ඇත.

නිෂි Coca‑Cola හා සම්බන්ධ වීමට පෙර Schneider Electric, Cairn Energy, Baxter Healthcare, සහ PepsiCo වැනි ගෝලීය ව්‍යාපාර සඳහා FMCG, සෞඛ්‍ය සේවා, තෙල් සහ ගෑස් සහ බලශක්ති ක්ෂේත්‍රවල මානව සම්පත් පිළිබඳ දශක 2ක සේවා පළපුරුද්දක් තිබේ. ඇය DEI (විවිධත්වය, සමානාත්මතාවය සහ ඇතුළත්බාවය) සහ කාන්තා නායකත්වය කෙරෙහි දැඩි ඇල්මක් දක්වන නිසා ඇය සංවිධාන හරහා කාන්තා නායකත්ව සංවර්ධන සහ උපදේශන වැඩසටහන් රාශියකට නායකත්වය දී ඇත.

ඇය ආර්ථික විද්‍යාව සහ ඉංග්‍රීසි සාහිත්‍යය පිළිබඳ උපාධිධාරිනියක් වන අතර ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිධාරිනියකි (මානව සම්පත් පිළිබඳ ව්‍යාපාර පරිපාලනවේදී උපාධිය). ඇයගේ සහජ කුතුහලය තුළින් අඛණ්ඩ ඉගෙනුුුුමක් සහ වර්ධනයක් උදෙසා අඩිතාලම නිර්මාණය වී ඇත. ඉතා මෑතකදී ලබා ගත් ජයග්‍රහණයක් වන්නේ මිචිගන් විශ්ව විද්‍යාලයේ Hogan සහතිකය හිමි කරගැනීම සහ උසස් මානව සම්පත් විධායක වැඩසටහන‌ට සහභාගී වීමයි.

නිෂි සහ ලලිත් විවාහ වී වසර 25ක් ගතවී ඇති අතර, ඔවුන් ඇම්ස්ටර්ඩෑම් විශ්වවිද්‍යාලයේ මාධ්‍ය අධ්‍යයනය හදාරන 21 හැවිරිදි ගෞරිකාගේ සාඩම්බර දෙමාපියන්ය. බල්ලන්ට ඉමහත් කැමැත්තත් දක්වන ඇය අඩු වරප්‍රසාද සහිත ගැහැණු ළමයින්ගේ අධ්‍යාපනයට සක්‍රීයව සහාය දේ. කඳු නැගීම සහ නිශ්ශබ්දතාවය පුරුදු වීම ඇයගේ යහපැවැත්මේ මන්ත්‍රයයි!

"අව්‍යාජ නායකත්වය හරහා අපගේ ව්‍යාපාරය තුළට අන්තර්ග්‍රහණීත්වය, මනෝවිද්‍යාත්මක ආරක්ෂාව සහ යහපැවැත්ම ගෙන ඒමට උත්සාහ කරයි; පරිවර්තන බලය(Power of Transformation) යනු බලපෑමේ පරිසර පද්ධතිය (ecosystem of influence ) හරහා සියලු දෙනා එකට ගෙන යාමට ඇති කැමැත්ත බව ඇය තරයේ විශ්වාස කරයි!"