දේවයානි රාජ්‍ය ලක්ෂ්මි රානා

ඉන්දියාව සහ නිරිතදිග ආසියාවේ කොකා-කෝලා සඳහා මහජන කටයුතු, සන්නිවේදනය සහ තිරසාරත්වය පිළිබඳ උප සභාපතිනිය වේ,

දේව්යා‍නි රාජ්ය ලක්ෂ්මි රානා ඉන්දියාව සහ නිරිතදිග ආසියාව සඳහා මහජන කටයුතු, සන්නිවේදන සහ තිරසාරත්වය පිළිබඳ උප සභාපතිනිය වේ. දේව්යා‍නි හට ආයතනික කටයුතු, උපායමාර්ගික ව්‍යාපාර උපදේශනය, අවදානම් කළමනාකරණය, සන්නිවේදන විශිෂ්ටත්වය, ආයතනික සමාජ වගකීම සහ තිරසාරභාවය පිළිබඳ වසර 25 කට වැඩි සේවා පළපුරුද්දක් ඇත. ඇය ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන අංශ වනුයේ, ප්‍රතිපත්තිය වෙනුවෙන් පෙනී සිටීම, නීති සම්පාදනය, වෙළඳ ගිවිසුම් සහ රෙගුලාසි, ආයතනික සබඳතා හා ඉන්දියාවේ සහ ආසියානු උප මහද්වීපයේ ආයෝජන මුලපිරීම් සඳහා පෙනී සිටීම යනාදියයි.

ඇය 2014 දී Caterpillar Inc. සමඟ සම්බන්ධ වූ අතර එහිදී ඇය ඉන්දියාව සහ ආසියානු කලාපය සඳහා රජයේ සහ ආයතනික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ තනතුර දැරීය. ඇය Caterpillar ආයතනයේ සේවය කළ කාලය තුළ ආයතනය නියෝජනය කරමින් සහ ආයතනයට අහිතකර ලෙස බලපෑ හැකි ප්‍රතිපත්ති සහ නීතිවලට එරෙහිව පෙනී සිටීමෙන් ව්‍යාපාරික අවදානම් අවම කර ගත් අතර, උපරිම ව්‍යාපාරික වටිනාකමක් උත්පාදනය කිරීම සහ ආයතනික කීර්තිය නැංවීම කෙරෙහි අවධානය යොමු කළාය. ඇය කලාපයේ යටිතල පහසුකම්, තිරසාරභාවය සහ වෙළඳාම කෙරෙහි උපරිම බලපෑමක් ඇති කිරීමට හැකි සම්පත් කෙරෙහි අවධානය යොමු කරමින් ඵලදායී උපායමාර්ග සාර්ථක ලෙස සකස් කර ඇති ඉන් ව්‍යාපාරික ලාභදායිත්වය, වැඩි බලපෑමක් ඇති කොට දේශීය හා අපනයන වෙළඳපල සඳහා නිෂ්පාදන මෙහෙයුම් සාර්ථකව පුළුල් කරන ලදී.

ආයතනික උපායමාර්ග සහ ව්‍යාපාර වර්ධන කණ්ඩායම්වල දිව්‍යානි තීරණාත්මක කොටස් කරුවෙකු වූවාය. ඇය භාණ්ඩ, සේවා, දත්ත සහ ආයෝජනවලට බලපෑ තීරුබදු, රේගු, අපනයන පාලන, සම්බාධක සහ අනෙකුත් නියාමන ගැටලු ඇතුළුව ජාත්‍යන්තර වෙළඳ ප්‍රතිපත්ති සහ නීති සම්පාදනයට සම්බන්ධ සංවිධානාත්මක උපදේශනයට නායකත්වය දුන්නාය.

ඇය අභ්‍යන්තර, බාහිර සහ සන්නාම සන්නිවේදන මුලපිරීම්වලට නායකත්වය දුන් අතර එය සංවිධානයට ප්‍රතිලාභ දෙමින් ධනාත්මක ව්‍යාපාරික ප්‍රතිඵල ඇති කරන ලදී. ඇය දැක්මක් නිර්මාණය කරන අතර අභියෝගාත්මක ඉලක්ක තැබීමෙන් හා අඛණ්ඩ මෙන්ම ශක්තිමත් මූලික අගයන් සමඟින් ප්‍රතිඵල ලබා ගැනීමට ප්‍රමුඛත්වය ලබා දීමෙන් වෙනස්කම්වලට මග පෙන්වයි .

දිව්‍යානි ශ්‍රම බලකායේ සූදානම වැඩි දියුණු කිරීම, STEM අධ්‍යාපනය කෙරෙහි අවධානය යොමු කිරීම, ස්වභාවික යටිතල පහසුකම් ප්‍රතිස්ථාපනය කිරීම සහ ඉන්දියාවට සහ ආසියානු උපමහාද්වීපයට අත්‍යවශ්‍ය සේවා සඳහා ප්‍රවේශය සැපයීම සඳහා විවිධ ආයතනික සමාජ වගකීම් කළමණාකරණය කළාය. ආයතනික සමාජ වගකීම ඉදිරියට ගෙන යාමට හා වසරින් වසර විවිධ වැඩසටහන් සහ හවුල්කාරිත්වය වැඩි කිරීමට ඇය උපායමාර්ගික ඉලක්ක සහ අරමුණු ස්ථාපිත කළාය. ඇය අමාත්‍යාංශ ගණනාවක් සහ විවිධ අංශවල පාර්ශවකරුවන් සමඟ කටයුතු කළ අතර තිරසාර වැඩසටහන් ස්ථාපිත කිරීම සඳහා චින්තන නායකත්ව සැසිවලටද සහභාගි වූවාය.

දිව්‍යානි ASSOCHAM, FICCI, AMCHAM, USISPF, සහ ICEMA ඇතුළු වෙළඳ සංගම් ගණනාවක් සමඟ සමාගමේ ප්‍රමුඛතා සහ අවශ්‍යතා නියෝජනය කළාය. ඉන්දියාවේ ඉදිකිරීම් සහ පතල් අංශය බහුවිධ ප්‍රතිපත්ති සඳහා පෙනී සිටි අවස්ථාවේ ඇය ඊට සාර්ථකව නායකත්වය දුන්නාය. Caterpillar Inc හා සම්බන්ධ වීමට පෙර, දිව්‍යානි එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක ආර්ථික සංසදය, ලාභ නොලබන සංවිධාන සහ පුද්ගලික අංශ සමඟ කටයුතු කළාය.

නේපාලයේ උපන් දිව්‍යානි, London School of Economics and Political Science (LSE) යටතේ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් (Development Economics & Development Management DESTIN) ලබා ඇත. නේපාලයේ ත්‍රිභුවන් විශ්වවිද්‍යාලයෙන් කලා (ජාත්‍යන්තර සබඳතා සහ දේශපාලන විද්‍යාව) පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය; ඉන්දියාවේ දිල්ලි විශ්ව විද්‍යාලයේ ‌ලේඩි ශ්‍රී රාම් විද්‍යාලයෙන් කලා ගෞරව උපාධිය (දේශපාලන විද්‍යාව).

ඇයට ආදිදේව් නම්න් එක් පුතෙකු සිටින අතර ඇය නවදිල්ලියේ ජීවත් වේ. ඇය තම පවුලේ අය සමඟ ගුණාත්මක කාලයක් ගත කිරීමට ප්‍රිය කරන තෘප්තිමත් පාඨකයෙකු මෙන්ම ඉවුම් පිහුම් වලට, කඳු නැගීම සහ ගමන් බිමන් යාමට ප්‍රිය කරන්නීය.