එන්රික් ඇකර්මන්

උප සභාපති - ඉන්දියාව සහ නිරිතදිග ආසියාවේ කොකා-කෝලා සමාගමේ තාක්ෂණික නවෝත්පාදන සහ සැපයුම් දාමය

ඔහුගේ වත්මන් භූමිකාව තුළ, එන්රික් වඩාත් සහයෝගයෙන් යුතු අනාගතයක් සඳහා තිරසාර ලෙස නිර්මාණය කරන ලද සමාගමේ ප්‍රියතම සන්නාමයන් පිළිබඳ වන පොරොන්දුව ඉටු කරන කණ්ඩායමකට නායකත්වය ලබා දෙන අතර යහපත් බලපෑම් ඇති කරමින් ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නේපාලය, භූතානය සහ මාලදිවයින යන රටවල ව්‍යාපාර ප්‍රමුඛතා, තාක්ෂණික, සැපයුම් දාම, නවෝත්පාදනය, පාලනය (ගුණාත්මකභාවය, ආරක්ෂාව සහ පාරිසරික) හා ගෝලීය තිරසාර ප්‍රමුඛතා සමග සම්බන්ධ කරයි.

එන්රික් හට ලතින් ඇමරිකාව, APAC සහ මැද පෙරදිග වැනි කලාපවල මුල්‍ය, සාමාන්‍ය කළමනාකරණය,කාර්ය සම්පාදනය, සැපයුම් දාම, නිෂ්පාදන සහ තත්ත්ව සහතිකරණය ඇතුළු විවිධ ක්ෂේත්‍රවල වසර 30කට වැඩි සේවා පළපුරුද්දක් ඇත.

ඔහු වසර 14කට පෙර කොකා-කෝලා පද්ධතියට සම්බන්ධ වූ අතර මධ්‍යම ඇමරිකාව, කැරිබියන් සහ දකුණු ඇමරිකාව පුරා කාර්ය සම්පාදනය, සැපයුම් දාමය, නිෂ්පාදනය සහ පාලනය සම්බන්ධ විවිධ භූමිකාවන් හි සේවය කර ඇත. එන්රික් මීට පෙර Brightstarcorp International, McDonald's Bolivia, සහ General Motors Bolivia වැනි සමාගම් සමඟ සේවය කර ඇත. නව මෙහෙයුම් ආරම්භ කිරීම සහ එම ආයතනවල දිගුකාලීන සැපයුම් දාමවල තිරසාර බව සහතික කිරීම සඳහා ඔහු තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේය.

සංවිධාන ගොඩනැගෙන්නේ මිනිසුන් වටා බැවින් කණ්ඩායම්, සංවිධාන මෙන්ම පාරිභෝගිකයන් සහ පරිභෝජකයන් අතර පවතින විවෘත සන්නිවේදනය සහ අන්‍යෝන්‍ය විශ්වාසය ඕනෑම සාර්ථක සම්බන්ධතාවයක පදනම බව ඔහු දැඩි ලෙස විශ්වාස කරයි.

එන්රික් එක්සත් ජනපදයේ ටෙක්සාස්හි ඔස්ටින්හි උපත ලැබීමෙන් පසු හැදී වැඩුණේ බොලිවියාවේ ස්පාඤ්ඤ භාෂාව කතා කරන නිවසක ය. ඔහු ඔස්ටින්හි ටෙක්සාස් විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධියක් ද, හාවඩ් ජාත්‍යන්තර සංවර්ධන ආයතනයෙන් සැපයුම් දාම ගෞරව MBA උපාධියක් ද ලබා ඇති අතර, වසර ගණනාවක් පුරා විවිධ සැපයුම් දාම සහ නායකත්ව වැඩසටහන් වලින් සහතික සහ ඩිප්ලෝමා කිහිපයක් ලබා ගෙන ඇත.

එන්රික් විවාහක වන අතර ඔහුට සහ ඔහුගේ බිරිඳට වැඩිහිටි දරුවන් තිදෙනෙකු සිටී.

.