2022 ලෝක පරිසර දිනයේ දී, Coca‑Cola තිරසාරත්වය සඳහා වූ සිය කැපවීම යළිත් තහවරු කරයි.

June 1st, 2022- කොළඹ: 2022 ලෝක පරිසර දිනය සැමරීම සඳහා Coca‑Cola Sri Lanka විසින් අපද්‍රව්‍ය වලින් තොර ලෝකයක් නිර්මාණය කිරීම, ජල සම්පත් නැවත පිරවීම සහ දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීම අරමුණු කරගත් තිරසාර මුලපිරීම් සඳහා වන සිය කැපවීම යලි තහවුරු කරයි.

Coca‑Cola Sri Lanka විසින් 'ජීවය යළිත් දෙන්න' නමින් අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහනක් හඳුන්වා දී ඇති අතර එය Coca‑Cola හි ගෝලීය තිරසාර උපාය මාර්ගය වන 'අපද්‍රව්‍ය රහිත ලෝකය' ලෙස හැඳින්වේ. සමාගම විසින් විකුණන සෑම බෝතලයක් හෝ කෑන් එකක් සඳහාම තවත් බෝතලයක් හෝ කෑන් එකක් එකතු කර ප්‍රතිචක්‍රීකරණය කිරීමට මෙම මුලපිරීම උත්සාහ කරයි. මෙම අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන දේශීයව 'ජීවය යළිත් දෙන්න' ලෙස ආරම්භ කර ඇති අතර එමගින් අපද්‍රව්‍ය එකතු කරන්නන්, ප්‍රතිචක්‍රීකරණය කරන්නන්, පළාත් පාලන ආයතන, සිවිල් සමාජය, තරුණ කණ්ඩායම් සහ පෞද්ගලික අංශය වැනි බහුවිධ පාර්ශවකරුවන් හා සම්බන්ධ වී රට පුරා PET ප්ලාස්ටික් බෝතල් කාර්යක්ෂම එකතු කර ප්‍රතිචක්‍රීකරණය කිරීමට පද්ධතියක් නිර්මාණ කිරීමට කටයුතු කෙරේ. මෙම වැඩසටහන යටතේ, එකතු කරන සියලුම PET බෝතල් ශ්‍රී ලංකාවේ විශාලතම PET ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය වන Eco Spindles වෙත යවනු ලැබේ. Eco Spindles හි, මෙම බෝතල් බුරුසු සඳහා කෙඳි සහ ඇඟලුම් සඳහා නූල් වැනි අගය එකතු කළ නිෂ්පාදන බවට පරිවර්තනය වේ. මෙම ප්‍රතිචක්‍රීකරණය කරන ලද නිෂ්පාදන පසුව රටවල් 15 කට වැඩි ගණනකට අපනයනය කෙරේ. 2017 සිට, 'ජීවය යළිත් දෙන්න' වැඩසටහන හවුල්කාරිත්වයන් 125කට වඩා පිහිටුවා ඇති අතර PET ප්ලාස්ටික් එකතු කිරීමේ ස්ථාන 500කට අධික ප්‍රමාණයක් පිහිටුවා ඇත. එය එකතු කිරීමේ මධ්‍යස්ථාන 30කට වැඩි ප්‍රමාණයක් සහ ද්‍රව්‍ය ප්‍රතිසාධන පහසුකම් (MRF) ද පිහිටුවා ඇත. මෙම වැඩසටහන මගින් පිරිසිදු කිරීමේ මුලපිරීම් 70කට අධික ප්‍රමාණයක් පවත්වා ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ප්ලාස්ටික් බෝතල් මිලියන 40කට අධික ප්‍රමාණයක් ප්‍රතිචක්‍රීකරණය කර ඇත. මෙය මේ දක්වා ප්‍රතිචක්‍රීකරණය කර ඇති මුළු බර කිලෝග්‍රෑම් 1,148,000 ඉක්මවයි.

'ජල භාරකාරත්වය' කෙරෙහි අවධානය යොමු කළ ඔවුන්ගේ තිරසාර උපාය මාර්ගයේ කොටසක් ලෙස, Coca‑Cola සමාගම ඔවුන්ගේ නිෂ්පාදන ක්‍රියාවලීන් සඳහා භාවිතා කරන ජලයෙන් 100% ක් ප්‍රජාවන්ට සහ සොබාදහමට ආපසු ලබා දීමට පොරොන්දු වී ඇත ශ්‍රී ලංකාව තුළ, Coca‑Cola 2021 දී සිය බීම නිෂ්පාදනය සඳහා භාවිතා කරන ජලයෙන් 209% ට සමාන ප්‍රමාණයක් නැවත පිරවීමෙන් මෙම ඉලක්කය අභිබවා ගොස් ඇත. මෙයින් අදහස් කරන්නේ සමාගම සිය බීම නිෂ්පාදනය සඳහා භාවිතා කරන සෑම ජල ලීටරයක් සඳහාම බලපෑම්කාරී දේශීය ජල මුල පිරීම් හරහා ප්‍රජාවන්ට සහ සොබාදහමට ජලය ලීටර් දෙකක් නැවත ලබා දෙන බවයි.

We Effect Sri Lanka විසින් ක්‍රියාත්මක කරන ලද අනුරාධපුර තම්මනාව ගම්මානයේ පැරණි ජල ජලාශ දෙකක් ප්‍රතිසංස්කරණය කිරීම මෙම මුලපිරීම්වලට ඇතුළත් වන අතර එමඟින් වසරකට KL 275,000 ක ජල ප්‍රමාණයක් නැවත පිරවීම සිදු කෙරේ. ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද 'The Best Corporate Citizen Sustainability Awards 2020' හිදී මෙම ව්‍යාපෘතියට කීර්තිමත් හොඳම තිරසාර ව්‍යාපෘති සම්මානය හිමි විය. රාජ්‍ය නොවන සංවිධානයක් වන ACTED සමග සහයෝගී ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙස මොණරාගල දිස්ත්‍රික්කයේ ගලහිටිය ගම්මානයේ දේශීය ගොවීන් 1,700 කට පමණ වාරිමාර්ග සඳහා වැඩි දියුණු කළ ජල ප්‍රවේශයක් ලබා දුන් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක විය. සමෘද්ධි වැව ප‍්‍රතිසංස්කරණය කිරීම තුළින් එය ඉටු විය. ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත වාර්ෂික නැවත පිරවීමේ ධාරිතාව දළ වශයෙන් කිලෝ ලීටර් 100,000 (KL) වේ. 2022 ලෝක ජල දිනයේදී, We Effect සංවිධානය සමඟ පවතින සහයෝගීතාවයේ කොටසක් ලෙස තවත් ව්‍යාපෘතියක් මඩකලපුවේ වාකරේ ප්‍රදේශයේ ආරම්භ කරන ලදී. ප්‍රදේශයේ වැව් තුනක් ප්‍රතිසංස්කරණය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

Coca‑Cola Beverages Sri Lanka Ltd. (CCBSL) විසින් ශ්‍රී ලංකාවේ විශාලතම තනි ස්ථානයක පිහිටි වහලය මත ඉදිකරන ලද සූර්ය බලශක්ති ව්‍යාපෘතීන්ගෙන් එකක් සාර්ථකව බියගම ප්‍රදේශයේ ස්ථාපනය කරමින් තිරසාර නිෂ්පාදන ක්‍රමයක් අනුගමනය කර ඇති අතර, එය CCBSLහි හරිතාගාර වායු විමෝචනය දළ වශයෙන් වසරකට මෙට්රික් ටොන් මිලියන 1.94ක ප්‍රමාණයකින් අඩු කිරීමට සමත්ව ඇත. PV Invest Tech Sri Lanka උත්සව අවස්ථාවට සමගාමීව පැවති 2021 "Annual Solar Awards" උළෙලේදී මෙම ව්‍යාපෘතියට ‘වහල මත පදනම් වූ වසරේ සංකේතාත්මක සූර්ය බලශක්ති ව්‍යාපෘතිය’ සම්මානය හිමි වූ අතර එය පුනර්ජනනීය බලශක්තිය ලබා ගැනීම සහ දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීම සඳහා සමාගමේ ප්‍රතිඥාවේ කොටසකි. මෙම ව්‍යාපෘතිය කොකා-කෝලා සමාගමේ 'Climate Action' තිරසාර උපාය මාර්ගයට තවදුරටත් දායක වන අතර, 2015 වසරේ විමෝචන මට්ටමේ සිට 2030 වන විට ගෝලීය අගය දාමය හරහා එහි සමස්ත හරිතාගාර වායු විමෝචනය 25% කින් අඩු කිරීමට මින් ඉලක්ක කෙරේ. මෙම සූර්ය ව්‍යාපෘතිය මගින් රුපියල් මිලියන 200කට වැඩි සැලකිය යුතු ආයෝජනයක් වන අතර සමාගමේ ‌බෝතල් කිරීම සිදු කරන පරිශ්‍රයේ වහල ප්‍රදේශයෙන් 80%ක් ආවරණය වන පරිදි සූර්ය පැනල 5,000 කට අධික ප්‍රමාණයක් සවි කිරීම එයට ඇතුළත් වේ.