කොකා-කෝලා ශ්‍රී ලංකා සමාගම සහ කළමනාකාරණයේ කාන්තාවන් අපද්‍රව්‍ය කළමනාකරණයේ යෙදෙන කාන්තාවන් හඳුනාගෙන ඔවුන්ට ත්‍යාග පිරිනමයි

2022 මාර්තු 8 - කොළඹ: කොකා-කෝලා ශ්‍රී ලංකා පුද්ගලික සමාගම, කළමනාකාරිත්වයේ කාන්තාවන් (WIM) සමග එක්ව පසුගියදා කොළඹ නගරයේ කසළ කළමනාකරණ අංශයේ කාන්තාවන් විසින් ඉටු කරන වැදගත් කාර්යභාරය හඳුනා ගනිමින් ‘තිරසාර හෙටක් සඳහා අද වෙනස්කම නැතිකරමු ’ විශේෂ උත්සවයක් සංවිධානය කළේය. #BreakTheBias යන ගෝලීය තේමාව යටතේ ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් පවත්වන ලද මෙම උත්සවයදි, දිනපතා පිරිසිදු පරිසරයක් පවත්වා ගැනීමට උපකාර කිරීම සඳහා ඔවුන්ගේ නොපසුබස්නා වැදගත් කාර්යභාරය හඳුනා ගැනීමටත් , ප්‍රතිචක්‍රීකරණය සහ අපද්‍රව්‍ය කළමනාකරණයේ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීමටද ජීවිතයේ ඉදිරියට යාමට සහ ඔවුන්ගේ ජීවනෝපාය අවස්ථා වැඩිදියුණු කිරීමට ව්‍යවසායකත්ව මෙවලමක් ලෙස කසළ කළමනාකරණය සහ ප්‍රතිචක්‍රීකරණය භාවිතය සඳහා කාන්තාවන් සවිබල ගැන්වීම ද සිදු කරන ලදී.

අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ සාමාන්‍යයෙන් කසළ කළමනාකරණ අංශය දිනකට කසළ කිලෝග්‍රෑම් 70-150 දක්වා එකතු කරන බවත්, ඒ සියල්ල දවස අවසානයේදී ට්‍රක් රථවලට පටවනු බවත්ය. ඔවුන්ගේ දෛනික චර්යාවේදී, මෙම සේවකයින් නගරයේ තාපයට හා ආර්ද්‍රතාවයට මෙන්ම විෂ සහිත රසායනික ද්‍රව්‍ය හා දුම වලට නිතිපතා නිරාවරණය වන අතර, එයට එරෙහිව ඔවුන්ට පූර්ණහෝ අවම ආරක්ෂාවක් නොලැබේ. සාමාන්‍යයෙන්, ඔවුන් වෙහෙස මහන්සි වී වැඩ කළත්, ඔවුන් දිනකට උපයා ගන්නේ රුපියල් 500 සිට රුපියල් 700 දක්වා පමණි. දළ වශයෙන් මාසිකව රු. 24,000 , එයින් වැඩි කොටසක් ආහාර සහ ප්‍රවාහනය සඳහා වැය වේ. එහි ප්‍රතිඵලයක් ලෙස කොළඹ නගරයේ කසළ කළමනාකරණයේ යෙදී සිටින බොහෝ කාන්තාවන් නිවාස නොමැතිකම සහ මන්දපෝෂණය අත්විඳින අතර එමඟින් ඔවුන්ට උසස් ජීවන තත්ත්වයකට යාමට ඇති හැකියාව අභියෝගයට ලක් වේ.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේ, ප්‍රාථමික සෞඛ්‍ය සේවා,වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යයා ගරු (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ මහත්මිය

මෙම අවස්ථාවට සහභාගී වූ -කොකා-කෝලා පුද්ගලික සමාගම ශ්‍රී ලංකා සමාගම හි කළමනාකාර අධ්‍යක්ෂ පන්කජ් සින්හා මහතා අදහස් දක්වමින් ඔහු කියා සිටියේ , මෙම කැපී පෙනෙන මුලපිරීම සඳහා ඔවුන් සමඟ හවුල් වීමට අපට අවස්ථාව ලබා දීම පිළිබඳව අපි කළමනාකාරිත්වයේ කාන්තාවන් (WIM) වෙත ස්තූතිවන බව්ය් අපි ජාත්‍යන්තර කාන්තා දිනය සමරන මේ මොහොතේ, අපි සියලු දෙනාම වෙනස්කම් බිඳ දමා අපට පිරිසිදු පරිසරයක් සහ සුන්දර නගරයක් ලබා දීම සඳහා මෙම නිර්භීත වීදි පිරිසිදු කරන්නන් විසින් දිනෙන් දින ඉටු කරන ලද විශිෂ්ට කාර්යභාරය පිළිගත යුතුය. ඔවුන් සැබෑ වීරයන් ය"

වෛද්‍ය සුලෝචනා සේගේරා මහත්මිය ප්‍රකාශ කළේ, “පසුගිය වසරේ ආරම්භ කළ ජාත්‍යන්තර කාන්තා දින වැඩසටහන මේ වසරේ කොළඹ මාර්ග පිරිසිදු කිරීම සහ අපද්‍රව්‍ය එකතු කිරීම වැනි කාර්යවල නිරත වී සිටින කාන්තාවන් 100 දෙනෙකුට ත්‍යාග ලබා දෙමින් අපගේ කෘතඥතාව පළ කිරීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා." මෙම සැමරුම් උත්සවයේ පරමාර්ථය වන්නේ ඔවුන්ගේ සේවය අගය කිරීම සහ අප සැමට පිරිසිදු නගරයක ජීවත් වීමට ඉඩ සලසන වැදගත්ම කාර්යය කිරීමට ඔවුන්ට ගෞරවයක් ලබා දීමයි. මෙම සැමරුම් උත්සවයේ පරමාර්ථය වන්නේ ඔවුන්ගේ සේවය අගය කිරීම සහ අප සැමට පිරිසිදු නගරයක ජීවත් වීමට ඉඩ සලසන වැදගත්ම කාර්යය කිරීමට ඔවුන්ට ගෞරවයක් ලබා දීමයි.

ගරු (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ අදහස් දක්වමින්, “ජාත්‍යන්තර කාන්තා දිනය ගෝලීය වශයෙන් සමරනු ලබන සුවිශේෂී අවස්ථාවක් වන අතර, මෙම නගරය සුන්දර වාසස්ථානයක් බවට පත් කිරීමට වසර පුරා වෙහෙස මහන්සි වී වැඩ කරන ශ්‍රී ලංකා කාන්තාවන් සැමරීම සඳහා සංවිධාන එක්වීම සතුටට කරුණකි. . මෙම නිර්භීත කාන්තාවන්ට නිසි පිළිගැනීම ලබා දීම සම්බන්ධයෙන් කළමනාකාරිත්වයේ කාන්තාවන් (WIM) සහ කොකාකෝලා ශ්‍රී ලංකාව යන දෙපක්ෂයටම මගේ කෘතඥතාව පළ කිරීමට කැමති අතර ඔවුන්ගේ අවශ්‍යතා ඉදිරියේදී ඉටු වනු ඇතැයි මම බලාපොරොත්තු වෙ.

කළමනාකාරිත්වයේ කාන්තාවන් (WIM),ශ්‍රී ලාංකේය වෘත්තීය කාන්තා සහ කාන්තා ව්‍යවසායකයින් සම්බන්ධ කිරීමට සහ එක්සත් කරන්න ක්‍රියා කරයි, ඔවුන්ගේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ඔවුන්ගේ දැනුම හා කුසලතා පෝෂණය කිරීමට නායකත්වය සහ මග පෙන්වීම ලබා දෙන අතර කාන්තා වෘත්තීය හා ව්‍යාපාර සක්‍රිය බලවේගයක් බවට පරිවර්තනය කරමින් ඔවුන්ව සවිබල ගන්වයි .

මෙය අපි කළමනාකාරිත්වයේ කාන්තාවන් WIM සහ කොකාකෝලා ශ්‍රී ලංකාව අතර පළමු හවුල්කාරිත්වය නොවේ. කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා කොකා-කෝලාහි ගෝලීය 5by20 මුලපිරීම සමඟ එක්ව, ශ්‍රී ලංකාව පුරා සිටින කාන්තාවන් 3,500 කට අධික සංඛ්‍යාවක් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම සඳහා මෙම සංවිධාන දෙක උපායමාර්ගික හවුල්කාරිත්වයකින් ක්‍රියා කර ඇත.

2030 වන විට අලෙවි වන සෑම බෝතලයකටම එක් බෝතලයක් ප්‍රතිචක්‍රීකරණය කිරීම අරමුණු කරගත් කොකා-කෝලාහි'Give Back Life' (ජීවය යළිත් දෙන්න) වැඩසටහනට ද මෙම ව්‍යාපෘතිය දායක වේ.