කොකා-කෝලා පදනම මඩකලපුවේ ජලය නැවත පිරවීමේ වැඩසටහනට ආධාර කිරීම සඳහා We Effect සංවිධානයට අරමුදල් ලබා දෙයි.

 

  • මෙමගින්  පවුල් 1000කට වැඩි පිරිසකට පිරිසිදු, ආරක්ෂිත පානීය ජල පහසුකම් ලබා දීමට නියමිතය
  • නැගෙනහිර පළාතේ මඩකලපුව වාකරේ ප්‍රදේශයේ ජලාශ 3ක් ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතය.
  • දේශීය කාන්තාවන්ට වැඩි ආදායමක් ලබාදීමට සහ ඔවුන් සවිබල ගැන්වීම සඳහා ආර්ථික අවස්ථා වැඩි කිරීම
  • එක් කන්නයකට පමණක් නොව, කන්න දෙක සඳහාම වී වගාව සඳහා අවස්ථාව ලබා දීම
  • ව්‍යාපෘතිය අවසනායේදී සමස්තයක් වශයෙන් ආන්තික පවුල් 1,700කට වැඩි ප්‍රමාණයකට ප්‍රතිලාභ ලැබෙනු ඇත.

2022 මාර්තු 22 - කොළඹ: කොකා-කෝලා පදනම විසින් We Effect Sri Lanka සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් තරුණ සංවර්ධන සංගමය (AHAM) යන සංවිධාන වෙත අරමුදල් සපයා ඇති අතර, ජලය නැවත පිරවීම, කාන්තාවන් සවිබල ගැන්වීම සහ අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ වන ‘‘Our Actions - Our Future’ සංවර්ධන ව්‍යාපෘතියට මෙමගින් සහාය දැක්වේ. මෙම ව්‍යාපෘතිය මාර්තු මස 22 වන දින මඩකලපුව වාකරේ පාවක්කොඩිච්චේන ප්‍රදේශයේදී ආරම්භ කරන ලදී. 2022 ලෝක ජල දිනය

 කොකා-කෝලා පදනම කොකා-කෝලා සමාගමේ ලෝක ව්‍යාප්ත පරිත්‍යාගශීලී අංශය ලෙස සේවය කරයි.  කොකා-කෝලා සමාගම සිය නිෂ්පාදනය සඳහා භාවිත කරන ජලයෙන් 100%ක් ප්‍රජාවන්ට සහ සොබාදහම වෙත ආපසු ලබා දීමට ගෝලීය වශයෙන් ප්‍රතිඥා දී ඇත. ශ්‍රී ලංකාවේ, කොකා-කෝලා  පදනම ඇතුළු විවිධ බාහිර හවුල්කරුවන්ගේ සහයෝගය ඇතිව, කොකා-කෝලා සමාගම 2021 දී සිය නිෂ්පාදන සඳහා භාවිත කරන ජලයෙන් 209% ක් නැවත පිරවීමෙන් සිය ඉලක්කය අභිබවා ගොස් ඇත. මින් අදහස් වන්නේ සිසිල් පැන් නිෂ්පාදනය සඳහා භාවිත කරන සෑම ජල ලීටරයක් සඳහාම, සමාගම අර්ථවත් දේශීය ජල මූලාරම්භයන් හරහා ප්‍රජාවන්ට සහ සොබාදහමට ජලය ලීටර් 2 ක් නැවත ලබා දීමට දායක වන බවයි.

මඩකලපුව දිස්ත්‍රික්කයේ කෝරළෙයිපත්තු උතුර (වාකරේ) කොට්ඨාශයේ පිහිටා ඇති කායන්කේනි, පනිච්චෙන්කේනි, සහ කතිර්වේලි ග්‍රාම නිලධාරී වසම්වල ගොවීන් සවිබල ගැන්වීම මෙම නවතම වැඩසටහනේ අරමුණයි. තික්කනයිකුලම්, මානිකම්කුලම්, සහ පනිචන්කර්නිකුලම් යන ජලාශ ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියට මුල්ගල් තැබීමේ උත්සවය රාජ්‍ය නිලධාරීන් මෙන්ම කොකා-කෝලා සහ We Effect යන ආයතනවල නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. 

මෙම ව්‍යාපෘතිය අවසානයේ ඒ හරහා ආන්තික පවුල් 1,772 කට ප්‍රතිලාභ සැලසීම, සාමූහික ක්‍රියාකාරකම් සඳහා ගොවීන්ගේ ප්‍රාථමික සමුපකාර ශක්තිමත් කිරීම, ප්‍රතිසංස්කරණය කරන ලද ජල ජලාශ තුන හරහා කෘෂිකාර්මික ජලය වැඩි ප්‍රමාණයක් ලබා දීම, පවුල් 1,000 කට පිරිසිදු හා ආරක්ෂිත පානීය ජල පහසුකම් ලබා දීම, වැඩි ආර්ථික අවස්ථා සමඟ කාන්තා ව්‍යවසායකත්ව සංවර්ධනය ඉහළ නැංවීම, සහ තෝරාගත් ප්‍රජාවන් තුනක කසළ කළමනාකරණ පිළිවෙත් වැඩි දියුණු කිරීම සිදු කෙරෙනු ඇත. 

 කොකා-කෝලා පදනමේ සභාපති Saadia Madsbjerg ප්‍රකාශ කළේ, "1984 දී ආරම්භයේ සිට, කොකා-කෝලා පදනම ප්‍රජාවන් නංවා සිටීම, පරිසරය ආරක්ෂා කිරීම සහ කාන්තාවන් සවිබල ගැන්වීම මගින් ලොව පුරා තිරසාර ප්‍රජා වැඩසටහන් සඳහා සහාය ලබා දී ඇත. We Effect වෙත අපගේ අඛණ්ඩ සහයෝගය ලබා දීමටත්, 2019 දී අපගේ පෙර ව්‍යාපෘතිය තුළ අප විසින් ලබා ගත් ජයග්‍රහණ මත තවදුරටත් ගොඩ නැගීමටත් අපි ඉමහත් කැමැත්තක් දක්වමු." යනුවෙනි. 

ස්වීඩනයේ We Effect සංවිධානයේ ප්‍රාදේශීය අධ්‍යක්ෂ Nina Larrea අදහස් දක්වමින් පැවසුවේ, “ජලය සහ ඉඩම් නොමැතිකම හේතුවෙන් ජීවනෝපාය සඳහා ඇති බරපතල තර්ජනයට පිළියම් යෙදීම සඳහා දෙවන ව්‍යාපෘතියක් ලෙස කොකා-කෝලා පදනම සහ ප්‍රජාවන් සමඟ නැවත වරක් වැඩ කිරීමට ලැබීම ගැන අපි ආඩම්බර වෙමු. ඒ අතරම සමුපකාර මූලධර්ම භාවිත කරමින් තිරසාර ජීවනෝපාය සංවර්ධනය දිරිමත් කළ යුතුය.  ප්‍රජාව සහ පාරිසරික ගෞරවය මෙන්ම අනාගත අර්බුදවලට ඔරොත්තු දීමේ හැකියාව මත පදනම් වූ ශක්තිමත්, සමාජීීය ආර්ථිකයක් බවට පත්කිරීමට  මෙම මූලධර්ම සැබෑ අවස්ථාවක් ගෙන දෙයි." යනුවෙනි. 

මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කනපතිපිල්ලේ කරුණාහරන් මහතා තම අදහස් ප්‍රකාශ කරමින් පැවසුවේ,“මෙම ජලාශ 3 ප්‍රතිසංස්කරණය කර, කන්න දෙකක් සඳහා වී වගාව සඳහා අවස්ථාව සලසා දීමෙන් මෙහි ප්‍රජාවට වඩා හොඳ ජීවන තත්ත්වයක් ලබා දීමට ඉදිරිපත් වීම පිළිබඳව අපි කොකා-කෝලා පදනමට සහ We Effect ආයතනයට ස්තුතිවන්ත වෙමු. මඩකලපුව වියළි කලාපීය දිස්ත්‍රික්කයක් වන අතර, එබැවින් කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය සොයා ගැනීම සැමවිටම ඉතා අභියෝගාත්මක වන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස මෙහි ප්‍රජාවන් දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටිති. මෙම ජල ජලාශ තුන ප්‍රතිසංස්කරණය කිරීම මඟින් ගොවීන්ට, කාන්තා ව්‍යවසායකයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට ඔවුන්ගේ ජීවිත සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමට අවස්ථාව ලැබේ." යනුවෙනි. 

මෙය කොකා-කෝලා පදනම මගින් අරමුදල් සපයන We Effect සංවිධානය සමඟ සිදු කරන ලද දෙවන ජල ව්‍යාපෘතියයි.  මීට පෙර 2019 වසරේ සිදු කරන ලද ව්‍යාපෘතිය හරහා වසර 100ක් පැරණි තම්මැන්නාව සහ ඇල්පත්වැව ජලාශ ප්‍රතිසංස්කරණය කරන ලදී. මෙමගින් අනුරාධපුර කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තම්මැන්නාව ගම්මානයේ ආන්තික ප්‍රජාවන්ට කෘෂිකාර්මික නිෂ්පාදන වැඩිකරමින්, ඉහළ ආදායමක් ලබාගැනීමටත් ආරක්ෂිත පිරිසිදු ජලය ලබා ගැනීමටත් උපකාරී විය.   ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද 2020 Best Corporate Citizen Sustainability Awards උළෙලේදී මෙම ව්‍යාපෘතිය සඳහා 'Best Sustainability Project' සම්මානය හිමි විය.