කොකාකෝලා සමාගම විසින් ඇමෙරිකානු තානාපතිවරයා බියගමදී පිළිගනී

2022 අගෝස්තු 19 - කොළඹ: පසුගියදා බියගම කොකාකෝලා කර්මාන්ත ශාලාවේදී ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනිය වූ අතිගරු ජූලි ජේ චුන්ග් මහත්මිය පිළිගැනීමේ ගෞරවය කොකාකෝලා සමාගමට හිමිවිය. තානාපතිනිය ශ්‍රී ලංකාවේ කොකාකෝලා සමාගමේ මෙහෙයුම් කටයුතු නිරීක්ෂණය කළ අතර, පසුගිය වසර 61ක කාලය තුළ මෙරට ආර්ථිකය සහ දේශීය ප්‍රජාවගේ යහපැවැත්ම සඳහා එම සන්නාමය ලබාදුන් සුවිශේෂී දායකත්වය පිළිබඳව ඇය අගය කළාය. කර්මාන්තශාලා මෙහෙයුම් කටයුතු නැරඹීමට සහ අප සියල්ල හඳුනන අප වැළඳ ගත් පානය ලංකාව තුළ බෝතල් කිරීමේ ක්‍රියාවලිය සියැසින්ම අත්විඳීමට ඇයට අවස්ථාව හිමි විය. කොකා-කෝලා සමාගමේ ගමන්මඟ සහ එහි තිරසාර පැවැත්ම පිළිබඳවද ඇය දැනුවත් කරන ලදී ශ්‍රී ලංකාව තුළ දැනට ක්‍රියාත්මක වන විවිධ උපාය මාර්ගික ආයතනික තිරසාර වැඩසටහන් මගින් සිදුවූ ධනාත්මක බලපෑම් විදහා දැක්වීමට ද කොකා-කෝලා සමාගමට අවස්ථාව ලැබිණි.

කොකා-කෝලා 1961 සිට ජාතිය ප්‍රබෝධමත් කරමින් දිවයින පුරා සිටින මිලියන සංඛ්‍යාත පාරිභෝගිකයින්ගේ හදවත දිනා ගෙන ඇත. කොකා-කෝලා සමාගම පසුගිය වසර විස්සක කාලය තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 100කට අධික මුදලක් ආයෝජනය කරමින් ශ්‍රී ලංකාව උදෙසා වන සිය දීර්ඝකාලීන කැපවීම පෙන්නුම් කර ඇත. සමාගමේ පාන වර්ග විකිණීමෙන් ආදායමක් උපයා ගන්නා 80,000 කට වැඩි වෙළඳ අලෙවිසැල් වෙළෙන්දන්ට අමතරව, ආර්ථිකයට ප‍්‍රතිලාභ ලබා දීම සඳහා දේශීය ශ‍්‍රම බලකාය තුළ රැකියා දහස් ගණනකට වඩා වැඩි ප‍්‍රමාණයක් නිර්මාණය කිරීම තුලින් ආර්ථික වටිනාකමක් නිර්මාණය කිරීමට සමාගම උපකාරී වී ඇත

විවිධ පාන හඳුන්වා දීමට සීමා නොවී කොකා-කෝලා සමාගම රාජ්‍ය සහ පෞද්ගලික අංශවල සාර්ථක හවුල්කාරිත්වය සමඟින් ශ්‍රී ලංකාවේ තිරසාරභාවය කෙරෙහි අවධානය යොමු කරන ලද A World Without Waste, Water Stewardship, Well-being of Local Communities සහ Climate Action යන ප්‍රධාන වැඩසටහන් 4 යටතේ රුපියල් මිලියන සිය ගණනක ආයෝජනයක් සිදු කර ඇත. නිදසුනක් ලෙස COVID-19 වසංගතය අතරතුර, කොරෝනා ‌වෛරසයට එරෙහිව සටන් කිරීමේ ජාතික මෙහෙවර ශක්තිමත් කිරීම සඳහා රුපියල් මිලියන 115 ක දායකත්වයක් ලබා දෙන ලදී. තානාපතිනියගේ සංචාරය අතරතුර, ‘ශ්‍රී ලංකාව ප්‍රබෝධමත් කර වෙනසක් ඇති කිරීම’ යන සිය අරමුණ රට තුළ අඛණ්ඩව ඉටු කරන බවට කොකා-කෝලා සමාගම විසින් එක්සත් ජනපද තානාපතිනියට අවධාරණය කළේය.

"වඩා සහයෝගීතාවෙන් යුතු අනාගතයක් උදෙසා තිරසාරත්වය පෙරදැරිව මිනිසුන් වැළඳගත් සන්නාමයක්" යන දැක්ම සමඟින් කොකා-කෝලා සමාගම මිනිසුන්ගේ ජීවිත, ප්‍රජාවන් සහ සමස්ත ලෝකය කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කරන වඩාත් තිරසාර ව්‍යාපාරයක් හා හොඳ හවුල් අනාගතයක් නිර්මාණය කරමින් මිනිසුන් ආදරය කරන සන්නාම හා තේරීම් නිර්මාණය කිරීමට ‌කැපවී සිටියි.