වාර්ෂික සූර්ය බලශක්ති සම්මාන-2021-කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමාගම සම්මාන උළෙලේදී ' වහල මත පදනම් වූ වසරේ සංකේතාත්මක සූර්ය බලශක්ති ව්‍යාපෘතිය’ සම්මානය දිනා ගනී

2022 ජනවාරි 22 - කොළඹ: Coca‑Cola Beverages Sri Lanka Ltd. (CCBSL) පසුගියදා කොළඹ පැවති PV Invest Tech Sri Lanka උත්සව අවස්ථාවට සමගාමී ව පැවති Annual Solar Awards 2021 සම්මාන උළෙලේදී ‘වහල මත පදනම් වූ වසරේ සංකේතාත්මක සූර්ය බලශක්ති ව්‍යාපෘතිය’ සම්මානය දිනා ගන්නා ලදී. එහි සත්කාරකත්වය සපයන ලද්දේ EQ ආයතනයයි. 

මෙම සම්මානය පිරිනමනු ලැබුවේ CCBSL විසින් දිවයිනේ තනි ස්ථානයක ඇති විශාලතම වහලය මත ඉදි කරන ලද සූර්ය ව්‍යාපෘතීන්ගෙන් එකක් බියගම පරිශ්‍රයේ ස්ථාපිත කිරීමෙන් දැක්වූ සුවිශේෂී දායකත්වය අගයමිනි. මෙම දැවැන්ත සූර්ය පැනල ස්ථාපනය CCBSL විසින් පුනර්ජනනීය බලශක්තිය භාවිත කිරීමට සහ දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීමට දායක වෙන බවට දුන් පොරොන්දුවේ කොටසකි. මෙම ව්‍යාපෘතිය රුපියල් මිලියන 200කට වැඩි ආයෝජනයක් වූ අතර පරිශ්‍රයේ වහල 80%ක් පමණ ආවරණය වන පරිදි සූර්ය පැනල 5,000කට අධික සංඛ්‍යාවක් සවිකිරීම ඊට අයත් විය. එලෙස ධාරිතාව වැඩි කිරීම මගින් CCBSL හට ජාතික විදුලිබල පද්ධතියට දායක වීම සඳහා MWh/yr 2,733ක පුනර්ජනනීය බලශක්තිය උත්පාදනය කිරීමට හැකි වන අතර ඉන් Mw 1.9ක විදුලිය නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කෙරේ. ඉන් වසරකට ආසන්න වශයෙන් MT 1.94කින් සමාගමේ කාබන් විමෝචනය අඩු කිරීමට ද අපේක්ෂා කෙරේ. 

CCBSL අධ්‍යක්ෂක (සැපයුම්) මනෝහරන් නඩරාජා සිය අදහස් මෙලෙස ප්‍රකාශ කළේය. ‌“පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සඳහා වන අපගේ ව්‍යාපෘතිය මෙලෙස දිවයිනේ ‌විශිෂ්ටතම ව්‍යාපෘතියක් ලෙස අගය කිරීම ගැන CCBSL අපි නිහතමානීව ස්තූතිවන්ත වෙමු. තිරසාර නිෂ්පාදන සඳහා අපගේ කැපවීමට සහය වීම වෙනුවෙන් අපගේ හවුල්කරුවන් වන Hayleys Fentons Solar සහ ලංකා විදුලිබල මණ්ඩලය වෙත අපගේ අවංක කෘතඥතාව අපි පළ කර සිටිමු. එවැනි ව්‍යාපෘතියක් සැලසුම් කිරීමට මගේ කණ්ඩායම සිය නවෝත්පාදන හැකියාව හා උද්යෝගය මතින් එහි මූලිකත්වය ගැනීම සම්බන්ධයෙන් මම ඔවුන්ට මගේ ප්‍රශංසාව පළ කිරීමට කැමැත්තෙමි. නිසැකවම මෙම සම්මානය අනාගතයේදී තවත් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කරගෙන යාමට අපට දිරිගැන්වීමක් ලබා දෙනු ඇත.” 

වහලය මත සූර්ය පැනල සවි කිරීමේ මෙම දැවැන්ත කාර්යය, අනාගතයේ දි කාබන් පිට නොකරන තත්ත්වයකට ළඟාවීම සඳහා සමාගමට සහාය වන අතර, ජාතික විදුලිබල පද්ධතියට අත්‍යවශ්‍ය වන පුනර්ජනනීය විදුලිය සැපයීම හරහා රටේ බලශක්ති උත්පාදන අවශ්‍යතා සඳහා ද දායක වනු ඇත. මීට අමතරව, එය 2050 වන විට 100% පුනර්ජනනීය බලශක්තිය භාවිත කිරීමේ ජාතික දැක්මට දායක වේ. දේශගුණික වෙනස්වීම් හා එහි බලපෑම් - තිරසාර සංවර්ධන ඉලක්කය 13 සඳහා ද එය දායක වේ. තව ද, 2030 වන විට ගෝලීය අගය දාමය ඔස්සේ හරිතාගාර වායු විමෝචනය 25% කින් අඩු කිරීමේ කොකා-කෝලා සමාගමේ ඉලක්කය ළඟා කරගැනීමට ද එය උපකාරී වේ. 

ඡායාරූප මාතෘකාව

1. බියගම කොකාකෝලා බෙවරේජස් ශ්‍රී ලංකා ලිමිටඩ් නිෂ්පාදන කම්හලේ මෙගා වහල සූර්ය බලශක්ති ව්‍යාපෘතිය

2. CCBSL වෙනුවෙන් “2021 වසරේ Iconic Rooftop Solar Project” සඳහා වන සම්මානය අධ්‍යක්ෂ සැපයුම් දාමය – මනෝහරන් නඩරාජා සහ අධ්‍යක්ෂ මහජන කටයුතු, සන්නිවේදන සහ තිරසාර බව – තමරි සේනානායක මහත්මිය විසින් ලබා ගන්නා ලදී.