2022 SLIM Kantar People’s Awards හි දී කොකා-කෝලා ශ්‍රී ලංකා සම්මානයට පාත්‍ර වෙයි

2022 අප්‍රේල් 6 - කොළඹ: කොකා-කෝලා නැවතත් ශ්‍රී ලංකාවේ අංක 1 සිසිල්පැන් සන්නාමය ලෙස තම ස්ථානය තහවුරු කරමින් පසුගියදා පැවති SLIM Kantar People's Awards හි දී ‘Youth Beverage Brand of the Year’ සහ ‘Beverage Brand of the Year’ යන සම්මාන දෙක හිමි කරගත්තේය. මෙම සම්මාන දෙක ලබාගනිමින් කොකා-කෝලා ශ්‍රී ලංකා සමාගමේ අලෙවි ප්‍රධානී මාරියෝ පෙරේරා මහතා ප්‍රකාශ කළේ, "කොකා-කෝලා ශ්‍රී ලංකා සමාගමට මෙය ඉතා වැදගත් අවස්ථාවක් වන්නේ අප ප්‍රථම වරට මෙම සම්මාන දෙකම හිමිකරගත් බැවිනි. මෙම සන්නාමය සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ, විශේෂයෙන් තරුණ තරුණියන්ගේ හදවතට සහ මනසට කෙතරම් සමීපද යන්න මින් ඉස්මතු වේ. සන්නාමයක් ලෙස, කොකා-කෝලා ශ්‍රී ලංකාවේ සෑම අස්සක් මුල්ලක් නෑරම ජනතාව ප්‍රබෝධමත් කරමින් සංගීත, ක්‍රීඩා, ආහාර වැඩසටහන් සහ සමාජ හා පාරිසරික ව්‍යාපෘති හරහා තරුණයින් සමඟ නිරන්තරයෙන් සම්බන්ධ වී ඇත. අපි මෙම ඓතිහාසික ජයග්‍රහණය සමරන මොහොතේ වසර ගණනාවක් පුරා අපගේ පාරිභෝගිකයන් දැක්වූ සහයෝගයට අපගේ අවංක කෘතඥතාව පළ කරමු. ඔවුන්ගේ වෙනස්වන අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් ඔවුන් දිරිමත් කරන, උද්යෝගයෙන් තබන, තාරුණ්‍ය පිරි නවමු අත්දැකීම් ලබා දීම කෙරෙහි අපගේ අවධානය යොමු කරන්නෙමු.

2021 දී, Coca‑Cola ශ්‍රී ලංකාවේ සිය 60 වන සංවත්සරය සමරනු ලැබීය. දශක හයක් පුරාවට ශ්‍රී ලංකාවේ ස්ථාපිතව හිදිමින් කොකා-කෝලා සිය ව්‍යාපාරයේ අනාගතය සඳහා ආයෝජනය කර ඇත. මෙමගින් සමාගමේ දිගුකාලීන කැපවීම පෙන්නුම් කරන අතරම ආර්ථික සංවර්ධනයට දක්වන දායකත්වය හා ඍජු හා වක්‍ර රැකියා අවස්ථා රැසක් නිර්මාණය කිරීම ද ඉන් ගම්‍යමාන වේ. පසුගිය වසරේ කොකා-කෝලා ශ්‍රී ලංකා විසින් නව Coca‑Cola Zero වඩාත් රසවත් සහ ප්‍රබෝධමත් මිශ්‍රණයක් සහ නව ඇසුරුමක් සමඟින් පාරිභෝගිකයින්ට හඳුන්වාදුන්නේ ඔවුන් Classic Coke රසයට තවත් සමීප කරවීමටයි.

2007 වර්ෂයේ People's Awards ආරම්භ කළ දා සිට, එම සම්මාන උළෙල ශ්‍රී ලංකාවේ විවිධ ආයතන වඩාත් උනන්දුවෙන් අපේක්ෂා කරන අවස්ථාවකි. මෙම සම්මාන පිරිනමනු ලබන්නේ ශ්‍රී ලංකාවේ අලෙවිකරණය පිළිබඳ ඉහළම ආයතනය වන ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසිනි. එහි පරමාර්ථය වී ඇත්තේ ශ්‍රී ලාංකිකයන්ගේ හදවත්වලට සමීපතම සන්නාමයන් සහ පෞරුෂයන් හඳුනාගැනීම සහ ඔවුන් ඇගයීමයි. Kantar සමඟ එක්ව කරන පුළුල් සමීක්ෂණයක ප්‍රතිඵල අනුව පාරිභෝගික මනාපයන් මත පදනම්ව ජයග්‍රාහකයින් තෝරා ගැනීම මෙම අවස්ථාවේ විශේෂත්වයයි. Kantar යනු වෙළඳපල 90කට වඩා වැඩි ගණනක ක්‍රියාත්මක වන ගෝලීය දත්ත මත පදනම් වූ ආයතනයකි. එය ලොව පුරා සිටින ගනුදෙනුකරුවන්ට ඉදිරිදර්ශන සහ ප්‍රායෝගික යෝජනා ඉදිරිපත් කරයි.

***

නිකුත් කළේ : MSL ශ්‍රී ලංකා; Publicis Groupe Sri Lanka හි කොටසකි

වෙනුවෙන් : කොකාකෝලා ශ්‍රී ලංකාවේ සිය 60 වන සංවත්සරය

වැඩිදුර මාධ්‍ය තොරතුරු සඳහා අමතන්න

ලක්ෂිකා පින්ටෝ MSL Sri Lanka

Email: lakshika.pinto@mslgroup.com

දුරකථන: +94 77 984 1748