2022 ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනයේදී වඩාත් පිරිසිදු ශ්‍රී ලංකාවක් සඳහා වූ කොකා-කෝලා සතු වගකීම යළි තහවුරු කරයි

සැප්තැම්බර් 13, 2022- කොළඹ: කාක දූපත වෙරළ උද්‍යානය පිරිසිදු කරමින් 2022 ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනය කොකා-කෝලා සමාගම විසින් සමරන ලදි. ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ගරු ජූලි ජේ. චන්ග් (Julie J. Chung) මහත්මිය, ශ‍්‍රී ලංකා හා මාලදිවයින යන රටවල කොකා-කෝලා කළමනාකරණ අධ්‍යක්ෂක පන්කජ් සින්හා මහතා, කොකා-කෝලා බෙවරේජස් ශ‍්‍රී ලංකා සීමාසහිත සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී දීපක් සෙන්තිල් නාත් මහතා සමඟ කොකා-කෝලා ශ‍්‍රී ලංකා, Clean Ocean Force (COF), සහ කොකා කෝලා ප්ලාස්ටික් බෝතල් එකතුකරන ආයතනයනවල ස්වේච්ඡා සේවකයෝ ද මෙම අවස්ථාවට සහභාගී වූූහ. මෙම අවස්ථාවට පළාත් පාලන හා පරිසර අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පරිසර පොලිසිය, සහ කොළඹ මහනගර සභාව යන රාජ්‍ය ආයතන ද සහභාගී වූ අතර ශ්‍රී ලංකාවේ ඇමරිකානු වාණිජ මණ්ඩලය (AmCham) සහ එහි සාමාජික සමාගම් සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නිලධාරීන් ද සහභාගී වූහ .

ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන (ICC) ලොව පුරා සිටින ජනතාව සම්බන්ධ කර ගනිමින් ස්වේච්ඡා සංවිධාන සහ තනි පුද්ගලයින්ගේ සහය ඇතිව ලොව පුරා ඇති වෙරළ සහ ඇළ මාර්ගවල කුණු ඉවත් කිරීමේ කටයුතුවල නිරත වෙයි. වසර 35 කට වැඩි කාලයක් පුරා ස්වේච්ඡා සේවකයන් මිලියන 17 ක් ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන හා එක් වී ඇති අතර ඔවුන් ප්ලාස්ටික් සහ සුන්බුන් රාත්තල් මිලියන 350 කට වඩා එකතු කිරීමට දායක වී ඇත. ඔවුන් සොයා ගන්නා දේ වාර්තා කර ගනිමින් ලොව පුරා පර්යේෂණ සහ නීති සම්පාදනය කිරීමට ද උදව් කරයි.

මෙම වසරේ ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන ‌කොකා-කෝලා සමාගමට වැදගත් වන්නේ කාක දූපත වෙරළ තීරයේ දී Clean Ocean Force සමඟ එක්ව ආරම්භ කරන ලද වැඩසටහනක් වන ‘Adopt a Beach’ වැඩසටහනට වසරක් සම්පූර්ණ වීමේ දිනයද එදිනට වැටී ඇති හෙයිනි. Clean Ocean Force (COF) යනු ශ්‍රී ලංකාවේ ලාභ අරමුණු කර නොගත් ආයතනයක් වන අතර එය වෙරළ තීරයේ ප්ලාස්ටික්, කෘතිම දූෂක සහ සුන්බුන් ඉවත් කිරීමට කටයුතු කරයි. දිගුකාලයක් තිස්සේ වෙරළ තීරයක් රැක බලා ගැනීම සහ එය දිනපතා පිරිසුදු කිරීම යන සංකල්පය මත පදනම් වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම ආයතනික තිරසාර මුලපිරීම මෙය විය. 'Adopt a Beach" වැඩසටහනේ මූලික සාර්ථකත්වය හේතුවෙන් මීගමුව වෙරළ තීරය අවට දූෂිත වෙරළ තීර පහක් සහ කලපු මායිම් තුනක් (කම්මල්තොට, පලඟතුරය, කුඩාපාඩුව, වැල්ලවිදිය, කුට්ටිදූව, මුන්නකරය, මහවිදිය, කඩොල්කලේ) ආවරණය වන පරිදි පසුගිය මාසවලදී එම වැඩසටහන ව්‍යාප්ත කෙරිණි. මේ දක්වා මේ වෙරළ තීර සහ කලපු මායිම් දිනපතා සහ ඇතැම් ඒවා සති දෙකකට වරක් පිරිසිදු කරනු ලැබේ. ව්‍යාපෘතියේ නියමු අදියරේ සිට විවිධ වෙරළ සහ ඇළ මාර්ගවලින් අපද්‍රව්‍ය දස දහස් ගණනක් සාර්ථකව ඉවත් කර ඇත.

දේශීය පාර්ශ්වකරුවන් සහ ප්‍රජාව සමග එක්වී පිරිසිදු කිරීමේ වැඩසටහන්වල මූලිකත්වය ගැනීම සම්බන්ධයෙන් කොකා කෝලා සමාගමට දිගු ඉතිහාසයක් තිබේ. දැනට ක්‍රියාත්මක වන 'Adopt A Beach' වැඩසටහන 'අපද්‍රව්‍ය වලින් තොර ලෝකයක්' සඳහා කොකා-කෝලා සමාගමේ කැපවීම ඉස්මතු කරයි, එය කොකා-කෝලා සමාගමේ තිරසාර ඇසුරුම්කරණයට මුල් වූ අතර 2030 වන විට සමාගම විකුණන සෑම බෝතලයක් හෝ කෑන් එකක් වෙනුවෙන් බෝතලයක් හෝ කෑන් එකක් එකතු කොට ප්‍රතිචක්‍රීකරණය කිරීමේ ඉලක්කයක් ඇත. මෙම අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන දේශීයව 'ජීවය යළිත් දෙන්න' ලෙස ආරම්භ කර ඇති අතර එමගින් අපද්‍රව්‍ය එකතු කරන්නන්, ප්‍රතිචක්‍රීකරණය කරන්නන්, පළාත් පාලන ආයතන, සිවිල් සමාජය, තරුණ කණ්ඩායම් සහ පෞද්ගලික අංශය වැනි බහුවිධ පාර්ශවකරුවන් හා සම්බන්ධ වී රට පුරා PET ප්ලාස්ටික් බෝතල් කාර්යක්ෂම එකතු කර ප්‍රතිචක්‍රීකරණය කිරීමට පද්ධතියක් නිර්මාණ කිරීමට කටයුතු කෙරේ.

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනී, ගරු ජූලි ජේ. චන්ග් (Julie J. Chung) මහත්මිය සිය අදහස් හුවමාරු කර ගනිමින් ප්‍රකාශ කළේ, “2022 ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනය සනිටුහන් කරමින් මෙම වැඩසටහනේ කොටස්කරුවෙකු වීමට ලැබීම ගැන මම සතුටට පත්‌වෙමි. බියගම කොකා-කෝලා කම්හල වෙත මා කළ සංචාරයේදී, ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරීත්වය පසුගිය වසර 61 තුළ ආර්ථිකයට සහ ප්‍රජාවන්ට ධනාත්මක ලෙස බලපා ඇති ආකාරය අපට පෙන්වා දෙන ලදී. කොකා-කෝලා හි දිගු ගමනේදී, ශ්‍රී ලංකාවේ බහුවිධ තිරසාර මුලපිරීම් මගින් ඇති කරන ලද ධනාත්මක බලපෑම පෙන්නුම් කරමින්, සමාගම රට තුළ ශක්තිමත් පැවැත්මක් ගොඩනගා ඇත. එහි ව්‍යාපාරයේ අනාගතය සඳහා මිලියන සිය ගණනක් ආයෝජනය කිරීමෙන්, ආර්ථිකයට ප්‍රතිලාභ ලබා දීම සඳහා දේශීය ශ්‍රම බලකාය තුළ රැකියා දහස් ගණනක් නිර්මාණය කිරීමට ඔවුන් උදව් කර ඇති අතර තිරසාර මුල පිරීම් සඳහා සාර්ථක රාජ්‍ය සහ පෞද්ගලික හවුල්කාරිත්ව කිහිපයක් ආරම්භ කර ඇත ප්‍රාදේශීය ප්‍රජාව මෙම කාර්යයේ කොටස්කරුවන් වීමට එකතු වීමෙන් සහ ඔවුන්ගේ ජීවිත කොකා-කෝලාගේ සහාය ඇතිව පරිවර්තනය වී ඇති ආකාරයත් මෙය කෙතරම් සත්‍ය වේද යන්න අද අපි දුටුවෙමු, මට සහ එක්සත් ජනපද තානාපති කාර්යාල නිලධාරීන්ට විශිෂ්ට ස්වේච්ඡා වැඩසටහනකට සහභාගී වීමට එය කදිම අවස්ථාවක් විය. මෙය ශ්‍රී ලංකාවේ මගේ පළමු වෙරළ පිරිසිදු කිරීම නිසා එය මට අමතර විශේෂ අවස්ථාවක් විය.

​ ඇත්තටම අපිට හැඟෙන්නේ අපි ලොකු අරමුණක කොටසක් ලෙසයි.", යනුුුුවෙනි.

ශ‍්‍රී ලංකා හා මාලදිවයින යන රටවල් වල කොකා-කෝලා හි කළමනාකාර අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කරනු ලබන පන්කජ් සින්හා මහතා ප්‍රකාශ කළේ, “2017 වසරේ සිට ශ්‍රී ලංකාවේ පිරිසිදු කිරීමේ වැඩසටහන් 70කට අධික සංඛ්‍යාවක් සමඟින්, වගකිවයුතු ආකාරයට අපද්‍රව්‍ය බැහැර කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ කොකා-කෝලා සමාගම පෙරමුණ ගෙන ඇත. අපි 2022 ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනය සමරන විට, ශ්‍රී ලංකාවේ සුන්දර වෙරළ තීරයන් සහ ජල මාර්ගවලින් අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා අපගේ සැලකිය යුතු දායකත්වය පිළිබඳව අපට ආඩම්බරයෙන් ආපසු හැරී බැලිය හැකිය. පළාත් පාලන ආයතන, ප්‍රජාවන්, සංවිධාන සහ ස්වේච්ඡා සේවකයන්ගේ සහාය ඇතිව අපගේ තිරසාර ප්‍රවේශය තුළින් සැබෑ වෙනසක් ඇති කිරීමට අපට හැකි වී ඇති අතර, අප සියලු දෙනාම අපගේ පරිසරය පිරිසිදුව තබා ගැනීමට සටන් කරන අතරම, අඛණ්ඩව බලපෑමක් කිරීමේ හෙකියාවද අප සතුව තිබේ." යනුවෙනි.

Clean Ocean Force හි සභාපති/නිර්මාතෘ ජෙරොම් ප්‍රනාන්දු මහතා අදහස් දක්වමින් "අපගේ වෙරළ, සාගර සහ අනෙකුත් ජල මාර්ග අපද්‍රව්‍යවලින් තොර ව තබා ගැනීමට දෛනික යාන්ත්‍රණයක් අත්‍යවශ්‍ය බව අප විශ්වාස කරන බැවින් පිරිසිදු සාගර බලකායේ පිරිසිදු කිරීමේ මාදිලිය අනුව සෑම උදෑසනකම පැය 3-4 ක් ස්වේච්ඡාවෙන් වැඩ කිරීමට ප්‍රාදේශීය ප්‍රජාවගේ සහාය ලබා ගැනීම සඳහා අප ක්‍රියා කරමු. අපගේ ප්‍රථම ආයතනික හවුල්කරු වන කොකා-කෝලා හි සහයෝගය සහ අරමුදල් සමඟින්, අපට මේ වන විට විශිෂ්ට ප්‍රතිඵල අත්කර ගැනීමට හැකි වී ඇත. අඩු ආදායම්ලාභී ප්‍රජාවන්හි පුද්ගලයන් 40 කට වැඩි පිරිසකට සෘජු ජීවනෝපාය සැපයීමට සහ තවත් 80 කට වැඩි පිරිසකට වක්‍රව ජීවනෝපාය සැපයීමට අපට හැකි වී ඇත." යනුවෙනි.

Clean Ocean Force කණ්ඩායම ප්‍රාදේශීය ප්‍රජාවන් සම්බන්ධ කර ගනිමින් ශ්‍රී ලංකාවේ වෙරළ තීරයන් සහ ජල මාර්ග පිරිසිදු කිරීම සඳහා සංවිධාන සහ රාජ්‍ය ආයතන සමඟ සහයෝගයෙන් කටයුතු කරයි. ප්ලාස්ටික් ප්‍රශ්නය විසඳීම සඳහා ස්වේච්ඡා සේවකයන් සහ කාර්ය සාධක බලකායක් සම්බන්ධ කර ගනී. වසර ගණනාවක් පුරා, ශ්‍රී ලංකාව පුරා පාරිසරික දූෂණයේ අභියෝගය ජය ගැනීම සඳහා ප්‍රධාන පාර්ශ්වකරුවන් සමඟ හවුල්කාරිත්වයක් ඇති කර ගැනීමේ කොකා-කෝලා හි ප්‍රවේශය විශිෂ්ට ප්‍රතිඵල ලබා දී ඇති අතර, මෙය බොහෝ දේවලින් එක්එ දෙයකි.