ජීවය යළිත් දෙන්න පිළිබඳ දැනුවත් කිරීම

 

කොකා-කෝලා සමාගමේ ගෝලීය තිරසාර ව්‍යාපාර උපායමාර්ගික සැලස්මේ එක් මූලික අංගයක් වන්නේ "අපද්‍රව්‍ය වලින් තොර ලෝකයක්" යන සංකල්පය වන අතර එමඟින් සමාගම 2030 වසර වන විට විකුණන සෑම බෝතලයක් හෝ කෑන් එකක් සඳහා එක බෝතලයක් හෝ කෑන් එකක් ප්‍රතිචක්‍රීකරණය කිරීමට අපේක්ෂා කරයි.

එමෙන්ම, සමාජීය වගකීම් සහිත සමාගමක් ලෙස, කොකා-කෝලා අප දැඩි ලෙස විශ්වාස කරන්නේ PET ප්ලාස්ටික් යනු අපද්‍රව්‍යයක් නොව වටිනාකමක් බවයි. ඒවා වගකීම් විරහිත ලෙස පරිසරයට බැහැර කිරීම නොකළ යුතුය. PET බෝතල් නැවත එකතුකර, නැවත භාවිත කිරීමට සහ ප්‍රතිචක්‍රීකරණය කිරීමට නවීන විසඳුම් සෙවීමට හා හානිකර නොවන ලෙස චක්‍රීය ආර්ථිකයක් නිර්මාණය කර ඒ තුළ දේශීය ප්‍රජාවන්ට ජීවනෝපාය අවස්ථාවන් ලබා දීමට අපි කැපවී සිටිමු.

කොකා-කෝලා ශ්‍රී ලංකා සමාගමේ අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන වන 'ජීවය යළිත් දෙන්න' යනු දේශීය අපද්‍රව්‍ය එකතු කරන්නන්, මුල සිට අවසානය දක්වා ප්‍රතිචක්‍රීකරණය කරන්නන් සහ පළාත් පාලන ආයතන, පාසල්, විහාරස්ථාන ඇතුළු තවත් බොහෝ පාර්ශවකරුවන් එතට සම්බන්ධ කරන බහුවිධ ප්‍රවේශයකි. තව ද එය ර‌ට පුරා පවතින PET ප්ලාස්ටික් බෝතල් එකතු කිරීම හා ප්‍රතිචක්‍රීකරණය සඳහා කැපවී සිටී.

අපි එය මූලික පියවර 4ක් ඔස්සේ සිදු කරන්නෙමු

1. සැලුම් කරන ලද ස්ථානවල එකතු කිරීමේ බඳුන් ස්ථාපනය කිරීම - සුපිරි වෙළඳසැල්, විහාරස්ථාන, මහාමාර්ග, ආදිය.

2. වසර පුරා එකතු කිරීමේ / පිරිසිදු කිරීමේ වැඩසටහන් සඳහා සහාය සහ අනුග්‍රහය දැක්වීම

3. PET බෝතල් නැවත ලබා ගැනීම සඳහා දිවයින පුරා ද්‍රව්‍ය නැවත ඒකරාශී කිරීමේ පහසුකම් සහ ප්‍රාදේශීය එකතු කිරීමේ මධ්‍යස්ථාන ස්ථාපනය කිරීම.

4. PET ප්ලාස්ටික් එකතු කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය පිළිබඳ දැනුම ලබාදීම සහ ඒ පිළිබඳ දැනුවත් කිරීම

අප තෝරාගත් ප්‍රතිචක්‍රීකරණ සහකරු වන, Eco-Spindles Pvt. Ltd. (BPPL හෝල්ඩින්ග්ස් සමූහයේ කොටසක්) PET බෝතල් එකතු කිරීම සිදුකොට ඒවා පිරිසිදු කිරීමට අවශ්‍ය බුරුසු, කොසු හෝ ඇඳුම් සඳහා අවශ්‍ය ප්‍රතිචක්‍රීකරණය කරන ලද පොලියෙස්ටර් නූල් වැනි වටිනාකමක් එකතු කළ නිෂ්පාදන බවට ප්‍රතිචක්‍රීකරණය කරනු ඇත.

දැනට කොකා-කෝලා සමාගමේ Give Back Life වැඩසටහනට රට පුරා සිටින 125කට අධිත හවුල්කරුවන් සම්බන්ධ වී සිටින ඇති අතර 500කට අධික PET එකතු කිරීමේ බඳුන් රට පුරා පිහිටුවා ඇත.

මෙහෙවර

• PET ප්ලාස්ටික් දූෂණය අවම කිරීම සහ අපගේ පරිසරය ආරක්ෂා කිරීම

•ජාතික ආර්ථිකයට සහාය වීම

• ප්‍රාදේශීය ප්‍රජාවන් සඳහා ජීවනෝපාය අවස්ථා පුළුල් කිරීම

• අපනයන ආදායම වැඩි කිරීම

• චක්‍ර ආර්ථිකයක් ඇති කිරීමට දායක වීම