පාරිභෝගිකයන්ට දැරිය හැකි මිලකට ගැනීමට කොකා කෝලා ශ‍්‍රී ලංකා විශාල ප‍්‍රමාණයේ ආපසු භාරදිය හැකි වීදුරු බෝතල් හඳුන්වා දෙයි

2022 ඔක්තෝබර් 19 - කොළඹ: පාරිභෝගිකයින්ට නවමු අත්දැකීම් ලබා දෙමින් දැරිය හැකි මුදලකට මිලට ගැනීම සඳහා කොකා කෝලා ශ‍්‍රී ලංකා "බිග් බඩී පැක්” නම් විශාල ආපසු භාරදිය හැකි වීදුරු බෝතල් (LRGB) නව මුහුණුවරකින් සහ නැවුම් පෙනුමකින් හඳුන්වා දෙයි. නව බිග් බඩී බෝතලය සාක්කුවට මෙන්ම පරිසරයටද වාසියක් වන පරිදි සකස් කර ඇත.

කොකා-කෝලා වීදුරු බෝතලය ලෝකයේ වඩාත්ම ප‍්‍රචලිත හැඩයන්ගෙන් එකක් වන්නේ එහි දාර හැඩැති පෙනුම නිසාය. එය ශ්‍රේෂ්ඨ නිර්මාණයක් ලෙස ගෝලීය වශයෙන් පිළි‌‌ගෙන ඇති අතර දශක ගණනාවක් තිස්සේ කලාව, සංගීතය සහ වෙළඳ ප්‍රචාරණ කලාව තුළ යොදා ගෙන ඇත. දාර හැඩැති බෝතලය සැමවිටම කොකා-කෝලා නාමය සිහි ගන්වනු ඇති නමුත් සමාගම සිය පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා නව දේවල් බිහි කිරීමත් ඊට හැඩ ගැසීමත් දිගින් දිගටම කරනු ඇත.

පාරිභෝගිකයින් සිය ජීවන රටාවට සහ විවිධ අවස්ථාවන්ට ගැළපෙන පරිදි ඇසුරුම්වල වර්ගය සහ ප‍්‍රමාණය තෝරාගැනීමේදී ඔවුන්ට ‌‌තේරීම් බොහෝ ප්‍රමාණයක් ලබාදීමට සහසම්පූර්ණ සිසිල් බීම සමාගමක් ලෙස කොකා-කෝලා කටයතු කරයි. ශ‍්‍රී ලංකාව මුහුණ දෙන අභියෝගාත්මක ආර්ථික වකවානුව අභියස, LRGB "බිග් බඩී පැක්” මගින් පාරිභෝගිකයින්ට කොකා-කෝලා වල රසය රුපියල් 180/-ක් වැනි දැරිය හැකි මිලකට සහ 0.75 ලීටර් ප‍්‍රමාණයකින් භුක්ති විඳීමට අවස්ථාව සලසයි. මෙම ඇසුරුමේ කෝක්, ෆැන්ටා හෝ ස්ප‍්‍රයිට් වීදුරු 04ක ප්‍රමාණයක් ඇති බැවින් පවුලේ අය ආහාර ගනිද්දි අවශ්‍යම දෙයක් වනු ඇත. එය ඉක්මනින් බස්නාහිර පළාතේදීත් ඉන් පසුව අනෙකුත් පළාත්වවලදීත් ලබා ගත හැකි වනු ඇත.

ශ‍්‍රී ලංකාව හා මාලදිවයින යන රටවල කොකා-කෝලා කළමනාකාර අධ්‍යක්ෂක පන්කජ් සින්හා ප‍්‍රකාශ කළේ, "කොකා-කෝලා සමාගමේ අරමුණ ලෝකය ප‍්‍රබෝධමත් කිරීම සහ එහි වෙනසක් ඇති කිරීම. පාරිභෝගිකයින්ට පහසු විවිධ ඇසුරුම් ප‍්‍රමාණ වලින් සීනි අවම හෝ සීනි රහිත වශයෙන් ඔවුන්ට උචිත සන්නාම සහ රසයන්ගෙන් යුත් බීම වර්ග අපි ඔවුන්ට ලබා දෙන්නෙමු. මිලිලීටර් 750 බිග් බඩී ඇසුරුම සමාගමේ අරමුණ ශ‍්‍රී ලංකාව තුළ ජීවමාන කිරීමේ තවත් ප‍්‍රධාන පියවරකි. මේ දුෂ්කර කාල‌යේ මෙම ඇසුරුම දැරිය හැකි මිලකට පාරිභෝගිකයාට ලබාදෙන ගමන්ම අද්විතීය නැවත පිරවිය හැකි වීදුරු බෝතල්, කඩදාසි ලේබල් සහ ඇලූමිනියම් මූඩි යනාදිය මගින්ද වෙනසක් සිදුකර ඇත. බිග් බඩී බෝතලය මගින් කොකා-කෝලා පාරිභෝගිකයින්ට, විශේෂයෙන්ම වීදුරු බෝතල්වල කෝක් රස විඳිමින් හැදී වැඩුණු 90 දශකයේ පරම්පරාවට අතීතාවර්ජනය කරමින් නැවත වරක් එම අද්විතීය අත්දැකීම අත්විඳීමට මෙය ඉඩ සලසනු ඇත. තරුණ පරම්පරාවන් සඳහා, එය ඔවුන්ගේ ප‍්‍රියතම ප‍්‍රබෝධමත් පානය භුක්ති විඳීමේ නව ක‍්‍රමයක් වනු ඇත.

කොකා-කෝලා ශ‍්‍රී ලංකා සමාගම සිය පාරිභෝගිකයින්ට වගකීම් සහගත තේරීම් අවස්ථා ලබාදීමේ අරමුණින් වසර ගණනාවක් පුරා සිය නිෂ්පාදන පෙළ ක‍්‍රමානුකූලව ගොඩනගා ඇත. හි ප‍්‍රවේශමෙන් සකස් කරන ලද සන්නාම අතර ක්ලැසික් කෝක්, ස්ප‍්‍රයිට් සහ ෆැන්ටා ඇතුළත් වන අතර, ඒ සියල්ල RGB, PET සහ දැන් LRGB යන විවිධ පහසු ඇසුරුම් ප‍්‍රමාණවලින් ලබා ගත හැකිය. කොකා-කෝලා විසින් ෆැන්ටා ක‍්‍රීම් සෝඩා, ෆැන්ටා පෝර්ටෙලෝ සමග කෝක් සීරෝ සහ කින්ලි සෝඩා වැනි සීනි අඩු කරන ලද හෝ සීනි රහිත පාන වර්ග හරහා පාරිභෝගිකයන් වෙත නව්‍ය රසයන් ලබා දී ඇත

කොකා-කෝලා බෙවරේජස් ශ‍්‍රී ලංකා සීමාසහිත සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, දීපක් සෙන්තිල් නාත් මහතා පැවසුවේ, "සියලූම කොකා-කෝලා LRGB බෝතල් විනිවිද පෙනෙන අතර පෙනුම අතින් මටසිලිටු සහ පැහැදිලි ස්වභාවයක් ගනී. මෙම බෝතල් පාරිභෝගිකයින්ට ආපසු රැගෙන ඒමට වඩාත් පහසු වේ. එක් බෝතලයක් කිහිප වතාවක් නැවත පිරවිය හැකි වීම හේතුවෙන් වීදුරු බෝතල් නැවත භාවිත කළ හැකි ඇසුරුම් බවට පත් වෙයි LRGB බෝතල්වල පළමු පිරිනැමීම පාරිභෝගිකයින්ට කෝක්, ස්ප‍්‍රයිට් සහ ෆැන්ටා වල රසයන් ලබා දෙනු ඇති අතර ඉදිරියේදී තවත් වෙළඳ නාම සමඟින් ඔබ අතට පත්වෙනු ඇත.

කොකා-කෝලා සමාගම 1961 දී දිවයිනේ ප‍්‍රථම වරට දියත් කරන ලද අතර අදට ශ‍්‍රී ලංකාවේ සිය 61 වන සංවත්සරය සමරයි. පසුගිය දශක හය තුළ සමාගම කොකා-කෝලා වෙළඳ සන්නාමය සමග පුළුල් පරාසයක වෙනත් වෙළඳ නාම හඳුන්වාදීම හරහා මිලියන සංඛ්‍යාත පාරිභෝගිකයින්ගේ හදවත් සහ මනස දිනා ගෙන ඇත. කොකා-කෝලා සමාගම සිය ව්‍යාපාරයේ අනාගතය සඳහා ආයෝජනය කර ඇති අතර, පසුගිය දශක දෙක තුළ ඇමරිකානු ඩොලර් මිලියන 99 ක් තරම් ආයෝජනයක් කරමින් දිවයිනේ ජාතිය සඳහා දිගුකාලීන කැපවීමක් පෙන්නුම් කරයි. එහි පාන වර්ග විකිණීමෙන් ආදායමක් උපයා ගන්නා 80,000 කට වැඩි වෙළඳ අලෙවිසැල් වෙළෙන්දන්ට අමතරව, ආර්ථිකයට ප‍්‍රතිලාභ ලබා දීම සඳහා දේශීය ශ‍්‍රම බලකාය තුළ රැකියා දහස් ගණනකට වඩා වැඩි ප‍්‍රමාණයක් නිර්මාණය කිරීම තුලින් ආර්ථික වටිනාකමක් නිර්මාණය කිරීමට සමාගම උපකාරී වී ඇත

වසර ගණනාවක් පුරා, කොකා-කෝලා සමාගම විසින් ශ‍්‍රී ලංකාව තුළ සාර්ථක තිරසාර වැඩසටහන් කිහිපයක් ආරම්භ කර ඇත නිවැරදි ආකාරයෙන් ව්‍යාපාර කරමින් මිනිසුන්ගේ ජීවිත, ප‍්‍රජාවන් සහ අපගේ ලෝකයේ වෙනසක් ඇති කරමින් වඩාත් තිරසාර සහ වඩා හොඳ හවුල් අනාගතයක් නිර්මාණය කිරීමට කොකා-කෝලා සමාගම අවධානය යොමු කරයි. සමාගම මෙය සාක්ෂාත් කරගනු ලබන්නේ ඇසුරුම් ප‍්‍රතිචක‍්‍රීකරණය, ජල ඌණපූරනය සහ කාන්තා සවිබල ගැන්වීමේ වැඩසටහන් ඇතුළු ප‍්‍රාදේශීය ප‍්‍රජාවන්ගේ යහපැවැත්ම සහතික කිරීම පිළිබඳ තිරසාර මුල පිරීම් මගිනි. නව විශාල ආපසු භාරදිය හැකි වීදුරු බෝතල් එළිදැක්වීම මගින් සමාගමේ තිරසාරභාවය පිළිබඳ අවධානය තව දුරටත් වැඩි කරන අතර ශ‍්‍රී ලාංකේය පාරිභෝගිකයින්ට මිතුරන් සහ පවුලේ අය සමඟ ආහාර වේලෙහිදී භුක්ති විඳීමට හැකි ප‍්‍රබෝධමත් සහනදායී පානයක් සැපයීම අරමුණු