සන්දීප් බජෝරියා

උප සභාපති, ඉන්දිය-මෙහෙයුම් ,කොකා-කෝලා ඉන්දියා

සන්දීප් බජෝරියා ඉන්දීය මෙහෙයුම්.කටයුතු භාර උප සභාපති වේ. මෙම භූමිකාව තුළ, කොකා-කෝලා පද්ධතිය සඳහා වේගවත් තිරසාර ව්‍යාපාරික වර්ධනයක් ලබා දීම සඳහා ඉන්දියාව සමග ඒකාබද්ධ ක්‍රියාවකට ජීවයට ගෙන ඒමට සන්දීප් BIG India සහ Franchise Bottling හවුල්කරුවන් සමඟ ක්‍රියා කරයි.

සන්දීප්, වසර විසිපහකට වැඩි කාලයක් පුරා දිවෙන වෘත්තීය ජීවිතය සමඟින්, ඔහුගේ උපාය මාර්ගික විශේෂඥතාව සහ ගැඹුරු දැනුම උපයෝගී කරගනිමින් ඉන්දියානු කොකා-කෝලා පද්ධතිය නවෝත්පාදන සහ වර්ධන උත්ප්‍රේරකයක් බවට පරිවර්තනය කර ඇත. වසර 17කට පමණ පෙර සන්දීප් කොකා-කෝලා සමාගමට සම්බන්ධ වීමට පෙළඹුණේ සමාගමේ වටිනාකම් සහ පුළුල් ගෝලීය පැවැත්ම හේතුවෙනි.

සන්දීප් හින්දුස්ථාන් කොකා-කෝලා බීවරේජස් පුද්ගලික සමාගම (Hindustan Coca‑Cola Beverages Private Limited ) (HCCBPL) සමඟ කොකා-කෝලා මූල්‍ය සේවා කළමනාකරු ලෙස සම්බන්ධ විය. ඔහු පසුව ලොව පුරා සිටින පාන වර්ග හවුල්කරුවන් සඳහා යුරෝපය, මැදපෙරදිග සහ අප්‍රිකාව භාර මූල්‍ය කළමනාකරණ තනතුර දැරූ අතර, පසුව ඔහු මූල්‍ය සැලසුම් සහ විශ්ලේෂණ අංශයෙන් හින්දුස්ථාන් කොකා-කෝලා ජාතික කළමනාකරු ලෙස නැවත පැමිණ නායකත්ව භූමිකාවන් හරහා ඉදිරියට ගියේය.

 

BIG India FP&A, Bottling Operations Finance, Africa Commercial Finance, EAG Group System Economics, INSWA Strategy, සහ SWA Franchise ඇතුළු වගකීම් අධික විවිධ භූමිකාවන් සමඟින් සන්දීප් ජාතික සහ ජාත්‍යන්තර වෙළඳපලවල සිය කාර්යභාරය ඉටු කර ඇත.

කොකා-කෝලා හා සම්බන්ධ වීමට පෙර, ඔහු Britannia Industries සමඟ වැඩ කරමින් ආහාර සහ පාන වර්ග කර්මාන්තය හා සක්‍රීයව සම්බන්ධ විය. මෙම කාලය තුළ ඔහු නැවුම් ආහාර අංශයේ වාණිජ කළමනාකරු වීමට පෙර විවිධ උපාය මාර්ගික තනතුරු දැරීය. සන්දීප් සුසුකි මෝටර් කෝපරේෂන් (Suzuki Motor Corporation) සහ එස්බී ඇසෝසියේට්ස් (SB Associates) සඳහා වාණිජ, ව්‍යාපාර සංවර්ධන, මූල්‍ය සහ විගණන භූමිකාවන් තුළ ද සේවය කර ඇත.

රාංචිහි උපත ලද ඔහු රටේ නගර කිහිපයක සහ ගෝලීය වශයෙන් මහාද්වීප තුනක ජීවත් වී ඇත.

සන්දීප් කල්කටා විශ්වවිද්‍යාලයෙන් සිය උපාධිය ලබාගෙන ඇති අතර, ඔහු සුදුසුකම් ලත් වරලත් ගණකාධිකාරීවරයෙකු සහ වරලත් මූල්‍ය විශ්ලේෂකයෙකි.

ඔහු විනිවිදභාවය සහ අන්‍යෝන්‍ය සන්නිවේදනය පිළිබඳ දැක්මක් ඇති නායකයෙකි. ජීවිත කාලය පුරාම සබඳතා ගොඩනඟා ගැනීමට ඔහුට ඇති හැකියාව ඔහුව නිර්වචනය කරන අතර එය ඔහුගේ වෘත්තීය ආචාර ධර්ම වලින් පිළිබිඹු වේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදියෙකු සහ දූරදර්ශියෙකු ලෙස ඔහු දරන සෑම තනතුරකම වර්ධනයක් අපේක්ෂා කරයි.

ඔහුගේ විවේක කාලය තුළ, ඔහු හොඳ පොතක් රසවිඳියි, නැතහොත් ඔහුගේ පවුලේ අය සමඟ කාලය ගත කරයි.